චින්තන ධර්මදාස ගේ සිනමා නිර්මාණයක් වූ ඇවිලෙන සුලුයි චිත්‍රපටය මේ මස 27 දා සිට එනම් හෙට දින සිට යළිත් තිරගත වීමට නියමිතයි. ඇවිලෙන සුලුයි මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශණය ආරම්භ කළ සැනින් ප්‍රදර්ශණය අත් හිටුවන්නට නිර්මාණකරුවන්ට සිදුවූයේ කොරෝනා වසංගතය සමග රට පමණක් නොව ලෝකයම දොරගුළු වසාගත් හේතුවෙනි
කෙසේවුවද චිත්‍රපටයක් මෙවන් වාතාවරණයක් තුළ අත්හිටුවීමෙන් නිෂ්පාදකයාට වන ආර්ථික පාඩුව සළුපටු නොවේ. එමෙන්ම චින්තනගේ ඇවිලෙන සුලුයි නරඹන්නට පුළපුලා සිටි පේ්රක්ෂකයන්ටද චිත්‍රපටය නැරඹීමේ පළමු අවස්ථාව මගහැරී ගියේය.
කොරෝනා වසංගතය මැඩපැවැත්වෙමින් පවතින මෙවන් මොහොතක යළිත් චින්තන ඇතුලු කණ්ඩායම විශාල අභියෝගයකට මුහුන දෙමින් ඇවිලෙන සුලුුයි පේ්රක්ෂාගාරයට ගෙනවිත් තිබේ.
ඇවිලෙන සුලුයි සම්ප්‍රදායික සිනමා ආඛ්‍යානයකින් ඔබ්බට ගිය අපූරු සිනමා නිර්මාණයකි.මෙහි සමන්මලී ෆොන්සේකා ශ්‍යාම් ප්‍රනාන්දු ප්‍රධාන චරිතවලට පණ පොවයි.
මෙය වැඩිහිටියන්ට පමණයි යන ලේබලයෙන් ප්‍රදර්ශණය වන චිත්‍රපටයකි. ඒ මෙම චිත්‍රපටයේ සිගරට් පානය කරන දර්ශණයක් තිබීම හේතුවෙනි.
ඇවිලෙන සුලුයි හෙට 27 දා සිට රීගල් සිනමා මණ්ඩලයේ සිනමාශාලාවල ඇවිලී යාමට නියමිතය.
සිනමා පේ්රක්ෂකයිනි ඇවිළෙන සුලු හදවත් ඇත්තාවුනි හෙට සිට මීටරේ දුරින් සිටඇවිලෙන සුලුයි නරඹන්න.
ඔබ අපූරු සිනමා නිර්මාණයක් රසවිඳ ඇවිලෙනු නියතය.