නඩා ව අමතක ව ගිය සැටියකි.. ඔහු ව 80දශකයේ රූපවාහිනිය නරඹපු කිසිවකුට නඩා ව අමතකව නැතැයි සිතේ. ජාතික රූපවාහිනියෙන් නඩාව රටක්ම හඳුනා ගත්තේ ය. ඔහු දෙමළ සිංහල ජාතික සමගිය අළලා තැනූ ටෙලි නාට්‍ය වල ට නැතිව බැරි චරිතයක් විය.
එමෙන්ම සිංහලෙන් දෙමළට පරිවර්ථනය කරන්න යමක් වේද එකළ නඩා ට එහි ප්‍රමුඛත්වය ලැබුනේ නඩා භාෂා කිහිපයකම හසල දැණුමක් ඇත්තෙක් නිසාය
සංහිදියාවේ පාඩම් එකළ කියා දුන්නේ නඩාය.නඩා කාලයක් පේන්නට නොවීය. ඔහු ගැන වර්තමානයේ බොහෝ දෙනෙකුට අමතකව ගොසිනි.
එහෙත් නඩාව දන්නෝ ඔහුගේ වටිනාකම් දනී.
ඉතින් නඩරාජෂිවම් නම්වූ ඒ කලාකරුවා, රංගනවේදියා, නිවේදකයා, රචකයා, වැඩ සටහන් සම්පාදකවරයා නික්මගොසිනි.
මිරර්ආර්ට්ස් අපගේ ශෝකය මෙලෙස ප්‍රකාශ කරන්නෙමු!!