විමාලා අමරදේව මහත්මිය මාර්තු මස 08 දින සවස කොළඹ මහරෝහලේ හෘදරෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එදින සවස ජීවිතයෙන් සමුගෙන ඇත. ඇය මිය යන විට 86වැනි වියේ පසුවිය.
විමලා ගුණරත්න නම් වූ ඇය උපන්නේ ගම්පහ මධ්‍යම පාන්තික පවුලකය. ඇය අධ්‍යාපනය හැදෑරවේ කොළඹ මියුසියස් විද්‍යාලයේය.ඇයගේ පියා වාමාංශිකයෙක් විය. විමලා ගුණරත්න ජන ගී ගායිකාවකි.එමෙන්ම ඇය නර්ථනයට ද දක්ෂකම් දැක්වූ අයෙකි. කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාල විමලා ගුණරත්න ඉන්දියාවේ දී නර්ථනය පිළිබඳ වැඩිදුර අධයාපනය හැදෑරිය. එමෙන්ම ඇය වීණා ව වැයීමටද ඉන්දියාවේන් ප්‍රගුණ කළාය. ඇය ජන ගී ගායිකාවක ලෙසද සිය දක්ෂතා දැක්වීය. විමලා ගුණරත්න මුල් යුගයේ වේදිකාවටද සම්බන්ධව සිට ඇත. ඇය සිරිසඝබෝ, වෙස්සන්තර හා සඳ කිඳුරු නම් වේදිකා නාට්‍යන්හි රංගනයෙන් නර්ථනයෙන් දායක වී තිබේ.
ඉන්දියවේන් ලංකාවට පැමිණි ඇය චිත්‍රසේන මහතා සමග ඔහුගේ නිර්මාණවලට නර්ථනයෙන් දායක වී තිබේ.
ජන ගායනයෙහි දක්ෂ මේ යොවුන් තරුණියගේ හඩ ගුවන් විදුලියෙන් ඇදෙන විට අමරදේවයන් ඇය පිළිබඳව විමසා බලා ඇයව විවාහ කරගන්නට තීරණය කිරීමෙන් අනතුරුව විමලා අමරෙදේව ලෙස වඩාත් ජනතාව අතර ඇය ජනප්‍රිය වන්නට විය.
අමරදේව මහතාගේ ජීවිතයට සම්බන්ධ වීමෙන් පසු ඇය සිය ගායන ජීවිතය ට වඩා අමරදේවයන්ගේ ගායන ජීවිතය ඉහළට ඔසවා තබන්නට සිය කාලය ශ්‍රමය කැප කළාය.
ඇය ගැයූ
දෑතේ කරගැට සිඹ සනසන්නට ලා ගොයමේ දළු පවන් සළයි.
දහදිය මුතුකැට මල්වරුසාවී කරල් බරින් පීදී වැගිරෙයි
අඩ සඳ මෝරන මැදියම් අහසින් බිලිඳු හදට කිරි දියර ගලයි
හෙට ඉදිවන නව ලෝකය දැක දැක පුංචි පුතා හීනෙන් හිනැහෙයි
මහගමසේකරයන් විසින් රචිත මේ ගීතය අමරදේවයන් සමග ගයන්නේ විමලා අමරදේවයන්ය එමෙන්ම ඇය ගැයූ පාරම්පරික ගොයම් කවි දෙනිපිටියේ කවි ලෙස ප්‍රචලිත දුටු දුටු දන මන නන්ද ද -වඩන සුපිපි කුසුමන් ද වැනි කවි ද ගුවන් විදුලියෙන් එකළ අසන්නට ලැබුනි.
අමරදේවයන්ගේ සෙවනැල්ල බඳුවූ විමලා අමරදේව මහත්මිය දරුවන් තිදෙනෙකුගේ මවකි.
ඇය ගේ අභාවය පිළිබඳ මිරර්ආර්ට්ස් සිය කනගාටුව මෙසේ ප්‍රකාශ කරන්නෙමු.