කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජමහේන්ද්‍රන් මහතා අද දින 25 කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත ව ඇත. ඔහු පසුගිය දින කිහිපයක සිට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ අභාවයට පත්විය.
දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන ඔහු මෙරට ටෙලිවිෂන් මෙන්ම රේඩියෝ මාධ්‍ය වෙනස් දිශානතියකට යොමු කරන ලද සුවිශේෂී පුද්ගලයෙකු විය. සිරස රේඩියෝ සහ සිරස ටීවී යනු මෙරට මාධ්‍ය ක්ෂෙත්රය උඩු යටිකුරු කරන්නට සමත් වූ නාලිකාය.
රාජමහේන්දූන් මහතාගේ නව අදහස් තුළින් මෙරටට දක්ෂතා පිරිපුන් නිවේදක නිවේදිකාවන් මෙන්ම වැඩ සටහන් නිෂ්පාදකයින් ඉදිරිපත් කරන්නන් නිර්මාණකරුවන් ගායක ගායිකාවන් රංගන ශිල්පීන් මෙන්ම විවිධ කුශලතා ඇති පුද්ගලයන් රැසක් සමාජය වෙත ප්රවිශ්ටවූවන් අතර වෙයි.
එම්බීසී, එම්ටීවී, ශක්තිටීවී, ශක්ති රේඩියෝ වැනි නාලිකා ද ඇතුළු ආර්ථික ක්ෂෙත්රය තුළද සිය ව්‍යාපාරික කටයුතු මෙහෙයවූ රාජමහේන්ද්‍රන් මහතාගේ අභාවය පිරිමැසිය නොහැකි පාඩුවක් වනු ඇත.
ඔහු නිහඩ සමාජ සේවකයෙකු ද විය.
ඔහුගේ අභාවය පිළිබඳ මිරර් ආර්ට්ස් ශෝකය මෙසේ ප්‍රකාශ කරන්නෙමු!!!.