2022 වසරේ අගෝස්තු මස රුසියාවේ පැවැත්වෙන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීමටත් ජාත්‍යන්තර වශයෙන් මංගල දර්ශනය පැවැත්වීමටත් අරුණ ජයවර්ධන විසින් විසින් අධ්‍යක්ෂණය කළ ඉන්ද්‍රජිත් සිල්වා විසින් නිෂ්පාදනය කළ මාරියා සිංහල චිත්‍රපටය සුදුසුකම් ලබා තිබේ.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ යුගාන්තය(1983) සහ ධර්මසේන පතිරාජ ගේ එයා දැන් ලොකු ළමයෙක් (1976)යන චිත්‍රපට මීට පෙර මොස්කව් ජාත්‍යන්තර සම්මාන උළෙල සඳහා තේරීපත්ව තිබුනි. මෙහිදී මාලිනී ෆොන්සේකාට එයාදැන් ලොකුළමයෙක් චිත්‍රපටයේ රගපෑම් උදෙසා ඩිප්ලෝමා සහතිකයක් පිරි නැමී තිබේ. එය මාලිනී පළමුවරට විදෙස් සම්මාන උළෙලකින් ලද ජයග්රහනයක් ද විය.ඉන්පසු ධර්මසේන පතිරාජාගේ බඹරුඇවිත් සහ ප්‍රසන්න විතානගේගේ ඔබ නැතුව ඔබ එක්ක යන චිත්රපටද මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කර තිබේ.
1983 වසරේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ යුගාන්තයෙන් වසර 39කට පසු අරුණ ජයවර්ධනගේ මාරියා තරගකාරී අංශයෙය සඳයා තෝරාපත්කරගැනීම විශේෂත්වයකි. එය මේ රටේ සිනමාවේ ජයග්‍රහණයකි.
ලෝකයේ රටවල් ගණනාවක් නියෝජනය කළ චිත්‍රපට දෙසීයකට අධික ප්‍රමාණයක් අතුරින් ප්‍රථම චිත්‍රපට හත අතරට තේරීපත්වී ඇති අරුණගේ මාරියා චිත්‍රපටයේ මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, දසුන් පතිරණ, සුරන් දසනායක යන අය රංගනයෙන් දායක වී තිබේ.
මාරියාහි තිර රචනය සහ අධ්‍යක්ෂණය අරුණ ජයවර්ධනයි. නිෂ්පාදනය ඉන්ද්‍රජිත් සිල්වාගෙනි.කැමරාකරණය චන්න දේශප්‍රියයි. සංගීතය චින්තක ජයකොඩිගෙනි. සංස්කරණය ඩිලන්ක පෙරේරායි.
අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ප්‍රථම සිනමා නිර්මාණය වූ නිකිණි වැස්ස සඳහා අන්තර්ජාතික ඇගයීම් රැසක් ලැබුනු අතර චාන්දනී සෙනෙවිරත්නට බුබායි අන්තර්ජාතික සිනමා උළෙලෙහිදී එහි රංගනය උදෙසා සම්මාණද ලැබිණි. මෙමරටදීද ඔහුගේ නිකිණි වැස්ස සම්මාන රැසකට පාත්රවිය.
මිරර් ආර්ට්ස් අරුණ ජයවර්ධන ඇතුලු නිර්මාණ කණ්ඩායමට සුබ පතන්නෙමු.