ජෙනිෆර් ලෝෆේස් සහ බෙන් ඇෆ්ලෙක්ස් ගැන හඳුන්වාදීම අනවශ්‍යය. දෙදෙනාම තම වෘත්තීන් තුළ ඉතා ඉහළ ජනප්‍රියත්වයක් මෙන්ම සම්මානලාභී කලාකරුවන් දෙනෛකි. ජෙනිෆර් ප්‍රකට ඇමරිකානු ගායිකාවක් රංගන ශිල්පිණියක් මෙන්ම නර්ථන ශිල්පිණියකි.
ඇය නිළ වශයෙන් පළමු විවාහය සිදුකරගනු ලැබුයේ ප්‍රකට ගායකයෙකු වූ මාර්ක් ඇන්තනී සමගය. ඇයට නිවුන් දරුවන් දෙදෙනෙකු වේ. මාර්ක් ඇන්තනී සමග වූ විවාහයෙන් ඉවත්වන ජෙනිෆර් වෙනත් සබඳකම් කිහිපයක වෙලී සිටිය ද ඇය දෙවන වරට විවාහවූයේ සම්මානලාභී ප්‍රකට හොලිවුඩ් නලුවෙකු වන බෙන් ඇෆ්ලෙක් සමගයත ජෙනිෆෆර් 53හැවිරිදි වන අතර බෙන් ට වයස 50කි. බෙන්ට දරුවන් තිදෙනෙක් වේ.
කෙසේවුවද මේ දෙදෙනාගේ විවාහය විවිධ හේතු මත කල්යමින් තිබුනද පසුගිය ජූලි මාසයේ විවාහ ගිවිස ගැනීම සිදු කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 20දින දෙනොගේම සමීප මිතුරු මිතුරියන් සමග විවාහ උත්සවය ජෝර්ජියාවේදී පවත්වන ලදී පවත්වන ලදී.
විශේෂයෙන්ම බෙන්ගේ සමීප මිත්‍ර මැට් ඩේමන් සහ බිරිඳ ලුසියානාත් චිත්‍රපට අධ්යක්ෂ කෙවින් ස්මිත් සහ රංගන ශිල්පී ජේසන් මීව්ස් මෙම මංගල්‍ය සඳහා සහබාගිවූ බව මාධ්‍යය වාර්ථා කර තිබිනි.
දෙනොගේම දරුවන් ඔවුන්ගේ පෙර විවාහවල පියා සහ මව සමග වූ අතර ජෙනිෆර් සහ බෙන් සිය මධු සමය ගත කිරීම සඳහා තෝරාගෙන තිබුනේ ප්රංශයයි. ප්‍රංශය වූකළී ආදරවන්තයින්ගේ පාරාදීසයයි.
ජෙනිෆර් සිය විවාහයෙන් පසු මෙසේ ප්‍රකාශ කර තිබුනි.
අවසානයේ එය අපට සිතාගත හැකි හොඳම විවාහ මංගල්‍යය විය. අපි බොහෝ කලකට පෙර මැවූ සිහිනය සැබෑවී ඇත..ඒ ජීවිතයේ අවසානය තෙක්වනු ඇත.