සම්මානනීය ප්‍රවීණ කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්න අගෝස්තු 28 දින ඇමරිකාවේදී අභාවප්‍රාප්ත විය. ගකලක් තිස්සේ අසනීප තත්වයකින් පසු වූ ඔහු මියයනවිට 78 වන වියෙහි පසුවිය.
ඩොනල්ඩ් කරුණාරත්න ලෙස්ටර් ජේම්ස් පීරිස් ,ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, සුමිත්‍රා පීරිස් ඇතුළු මෙරට බිහිවූ වූ විශිෂ්ටතම අධ්‍යක්ෂවරුන්ගේ කැමරා ශිල්පියා ලෙස කටයුතු කර තිබේ.
අවසන් කාලයේ ඇමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර ජීවත් වූ ඩොනල්ඩ් කරුණාරත්න මහතා චිත්‍රපට 65 කට වැඩි සංඛ්‍යාවක කැමරා අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරතිබේ. සරසවිය, ස්වර්ණ සංඛ, ජනාධිපති, OCIC, ඇතුළු සම්මාන රැසකින් පුද ලද ඔහු මෙරට සිනමා ක්ෂෙත්රයේ වර්තමානයේ සිටින බොහෝ දෙනෙකුට පුරෝගාමී මෙහෙවරක් කළ නිර්මාණශීලි කැමරා අධ්යක්ෂවරයෙකක් විය.
හන්තානේ කතාව, අහස් ගව්ව, ගඟ අද්දර, බැද්දේගම, පාර දිගේ, කරුමක්කාරයෝ, යහළු යෙහෙළි, මලට නොඑන බඹරු ,දඩයම, සාගර ජලය, මායා, බඹරු ඇවිත් ,ක්‍රිස්තු චරිතය, ගැහැනු ළමයි, පොරොන්දුව ඇතුලු චිත්‍රපට රැසක කැමරාව මෙහෙයවා ඇත්තේ ඩොනල්ඩ් කරුණා රත්න නම් වූ විශ්ෂ්ට කැමරා අධ්යක්ෂවරයා විසිනි .
මියගිය ඩොනල්ඩ් කරුණාරත්නයන්ගේ අවසන් කටයුතු ඇමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර දී පැවැත්වීමට නියමිතය.
Mirrorarts සිය කනගාටුව මෙසේ ප්‍රකාශ කර සිටින්නෙමු.!!!