පෙරවදන
සන්නස්ගල ටිකක් නෙමෙයි හුගක් වෙනස් විදිහෙ වැඩ හිතන්න කරන්න දක්ෂයෙක්. ටියුෂන් ගුරුවරයෙක් විදිහට නමක් දිනා ගත්ත ඔහු දේශපාලනය කරන්න ඇවිත් එතැනින් ගැලවිලා ආපහු තමන්ට සුපුරුදු වැඩ ටිකේ නතර වෙන ඔහු චිත්‍රපට නිෂ්පාදකයෙක් විදිහටත් දේශපාලන කරන්න ගිහිල්ලත් තමන්ගේ ටියුෂන් සල්ලි විතරක් නෙමේ පොත් ප්‍රකාශකයෙක් විදිහට උපයගත්ත මුදලුත් නැති කරගත්ත කෙනෙක්.
කොහෙමවුනත් පසු ගිය කාලේ චිත්‍රපටයක් හදන්න සන්නස්ගල ක්‍රවුඩ් ෆන්ඩින් ප්‍රෙජෙක්ට් එකක් පටන් ගත්තා. ලංකාවේ පළවෙනි වතාවට ඔය වැඩේ ට අත ගැහුවේ අශෝක හඳගම. ඉන් පස්සෙ සන්නස්ගල.
සන්නස්ගල යූ ටියුබර් කෙනෙක් හැටියට ලෝකය පුරා සිටින ශ්‍රී ලාංකියින් සමග අන්තර්ජාල සබඳතා ආරම්භ කළේ රෝයල් තැප්‍රොබේන් පටන් අරන් ටික කාලෙකින්. රෝයල් තැප්‍රොබේන්, කලා- සංස්කෘතික- විද්වත් සාකච්ජා මෙහෙයවුන් කලාගාරයක් එහෙමත් නැතිනම් වෙනස් විදිහෙ හිතන එවුන්ට තෝතැන්නක් ලෙසින්.
සමහරු සන්නස්ගල සහ ඒ තෝතැන්නෙ වැඩ කරන අලුත් එවුන්ට කැමති නැහැ ඔවුන්ගේ මතවාද වලට අදහස් වලට කැමති නැහැ. ආගමික, යල්පැනගිය නීති සහ සම්ප්රදායන්ගෙන් කුරුවල් වෙච්ච මනස් ඇති සම්ප්‍රදායික ගතානුගතික ආකල්ප ඇති මිනිසුන් සමහර අදහස් ඇති අය සමග ගැටීම් ඇතිවෙනවා සමාජය විවිධයි විෂමයි.
මේ පෙරවදන ලිව්වෙ සන්නස්ගලව පුම්බන්න නෙමේ. ඔහු කරන අලුත්ම ආකාරයේ වැඩේට ප්රවිශ්ටයක් ගන්න.
මුහුනු පොතේ අපි දකිනවා සන්නස්ගල සීතල කන්ද උඩරට විවිධ තැන්වල විවිධ ක්‍රියාකාරකම් වල නිරතවෙනවා. විවිධ වැඩ සටහන් කරනවා.
තංගමලේ සිට තමයි මේ සියලු ක්‍රියාකාරකම් සිදුවෙන්නේ. ලංකාවේ සිනමා ලෝලීන් බොහෝ දෙනෙක් මේ වනවිටත් දන්නවා සන්නස්ගල එහෙමත් නැතිනම් බොහෝ දෙනෙක්ගෙ සන්නස්ගල සර් අලුත්ම චිත්‍රපටයක් කරන්න සූදානම් වෙනවා කියලා. මේ චිත්‍රපටය කරන්නෙ තංගමලේ .
අපි මිරර්ආර්ට්ස් සන්නස්ගල ට කතා කළා මේ දවස්වල මොනවද තංගමලේ ට වෙලා කරන්නේ රූගත කිරීම් පටන් ගත්තද කියලා.
"අපි තංගමලේ ඩයරීස් චිත්‍රපටය පටන් ගන්න හිටියත් කොවිඩ් නිසා රූගත කිරීම් ප්‍රමාද වුනා. ඇත්තටම මේ කතාවේ පිටපත අපි ලියන්න පටන් ගත්තේ කොවිඩ් ආරම්භයත් එක්ක. නමුත් ඉන් පස්සේ ඇතිවූ විවිධ සමාජ, ආර්ථික ප්‍රශ්න එක්ක මෙහි රූගත කිරීම් ප්‍රමාද වෙනවා. ඒ ප්‍රමාද වෙනකොට අපිට මේකේ බජට් එකත් වැඩි වෙන්න පටන්ගත්තා තෙල්, ගෑස් ආදී විවිධ අර්බූද හමුවේ. ඉතින් ඊට පසසෙ තමයි ක්‍රවුඩ් ෆන්ඩින් වලට යන්නෙ. මේ වනවිට හොඳ ප්‍රථිචාර ලැබෙමින් තියෙනවා."
"මේ කතාව 2019 අප්‍රියෙල් 21 පාස්කු ප්‍රහාරයත් සමග ඇරඹෙන්නේ. ඉතින් අපි ට සිද්ධ වෙනවා ඒ කාලය ඒ පරිසරය ගොඩ නගන්න. මාස්ක් දාගෙන සෙනග ගොඩක් ඉන්න දර්ශණ කරන්න අමාරුයි. අපිට තව ටිකක් කාලයක් යයි මේ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරන්න.දැන් හුගක් පූර්ව නිෂ්පාදන අවදියේ වැඩ කටයුතු ඉවරයි. ඒ කියන්නේ කාස්ටින් සිලෙක්ට් කරලා ඉවරයි ප්‍රියන්ත සිරිකුමාර කාස්ටින් කළේ. මියුසික් කරගෙන යනවා චින්තක ජයකොඩි මියසික් ඩිරෙක්ටර්. නිෂ්පාදන සැළසුම් බිමල් දුෂ්මන්ත කරනවා. ලොකේෂන් ප්‍රධාන වශයෙන් සියයට අනූවක් විතර හොයාගෙන තෝරගෙන ඉවරයි. නලින්ද පේ‍්‍රමරත්න ලයින් ප්රොඩියුෂර් විදිහට වැඩ ටික කරගෙන යනවා."
ඉතින් මේ දවස්වල මොනවද තංගමලේ කරන්නේ?
මේ දවස්වල අපි විවිධ යූ ටියුබ් වැඩ සටහන් කරනවා . මේ තුළින් පරිසරය පිළිබඳ මනා වැටහීමක් ඇති වෙනවා. මිනිසුන් එක්ක සබඳතා ගොඩ නැගෙනවා. අපිට කන්ඩායමක් හැටියට මේ දැන හැඳුනුම් කම් ඇති කරගැනීම චිත්‍රපටය කරන්න ආවහම ලොකු පහසුවක් වෙයි. ඒ වගේම කියන්න ඔ්නේ මිනිස්සු පුදුමාකාර විදිහට සහයෝගයක් දෙනවා විශ්මයට පත්වෙන ආකාරයට.
සන්නස්ගල යූටියුබය හරහා තංගමලේ විශ්වයට ගෙන යනු ඇත. ඒ තුළින් ලෝකයේ සිටිනා බොහෝ දෙනකේ තංගමලේ මිනිස්සු සහ පරිසරය සහ එහි සුන්දරත්වය දකිනු ඇත.මනුස්සකම් අඳුනා ගන්නවා ඇත. නිවාඩුවකට එන මිනිස්සු සන්නස්ගල වෙනස්ම විදිහට ලෝකයට ඔසවා තබන තංගමලේ නරඹන්නට ද එනු නිසැකය. තංගමලේ මේ වනවිට කුරුළු පාරාදීසයක් මෙන්ම වනජීවී කලාපයක් ලෙස දේශී්‍ය සංචාරකයන් අතර ප්‍රචලිතය. ඉදල්ගස්හින්න, තංගමලේ, හපුතලේ, ඇල්ල, ඇඩිසන් බංගලාව ආදී වශයෙන් වූ කලාප කිහිපයක් මේ ආසන්නයේ පිහිටලා තියෙනවා.
මේ දිනවල සන්නස්ගල ඇඩිසන් බංගලාවේ සිට විවිධ වැඩ සටහන් කරමින් තංගමලේ ඩයරීස් නම් වූ සිනමා නිර්මාණයේ සිහින දකිමින් සිටී.
රූගත කිරීම් ආරම්භ කරන්නේ කොයි කාලේද?
"දේශගුනික සමානකම් ඇති වෙන්න ඔිනෙ අප්‍රියෙල් මාසය වගේ. ඉතින් අපි මල් පිපෙනකාලෙ එනකම් බලන් ඉන්නවා."
තංගමලේ ඩයරීස් හි චන්න දේශප්‍රිය කැමරා කරණය සිදුකරන අතර මෙහි තිර රචනය සුසිත විජේමුණී, සහාය අධ්‍යක්ෂණය සරත් සේනාරත්න, වේශනිරුපණය තරංජි තොටගමුව, රේඛීය නිෂ්පාදනය නලින්ද පේ‍්‍රමරත්න, සංගීතය චින්තක ජයකොඩි,නිෂ්පාදන කළමනාකරණය මංජුල පෙරේා, ඇඳුම් ලසන්ත උඩුකුඹුර, විෂුවල් ඉෆෙක්ට්ස් චත්‍ර වීරමන්,නළු නිළිවරණ ප්‍රියන්ත සිරිකුමාර, අධ්‍යක්ෂක සාහය මොල සෙනෙවිරත්න ,සංස්කරණය තිස්ස සුරෙන්ද්,ර ශබ්ද පටිගත කිරීම් අඩම්ස්, නිර්මාණශීලි සහාය අධ්‍යක්ෂණය පසන් තිලකවර්ධන, වර්ණ සංයෝජනය දිනිඳු ජාගොඩ, සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර, ශබ්ද පරිපාලක ශසික මාරසිංහ ,තංගමලේ ඩයරීස් හි කතාව අධ්‍යක්ෂනය සහ නිෂ්පාදනය උපුල් සාන්ත සන්නස්ගල විසිනි.
සන්නස්ගල ප්‍රධාන චරිතය වූ 'බාසි'ලෙස රගපාමින් රගනයට ප්රවිශ්ට වන අතර ප්‍රියන්ත සිරිකුමාර, ජයනි සේනානායක,ධර්මප්‍රිය ඩයස්,ලක්ෂමන් මෙණ්ඩිස්,ඩබ්ලිව්.ජයසිරි ,මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, ගෝපානි ඒකනායක, ස්ටෙෆාන් සිරිමාන්න,සේනක බටගොඩ, දයා වයමන්,අජිත් පෙරේරා, ආනන්ද කුමාර උන්නැහේ, රන්ජිත් දිසානායක, නලින් ලුසේනා යන දක්ෂ නළු නිළියන් රැසක් තංගමලේ ඩයරීස් හි රගපෑමට දායක වේ.
තංගමලේ උපන් බාසි කොළඹ අග නගරයට සංක්‍රමණය වී වසර 50කට පසුව යූටියුබර් කෙනෙකු ලෙස තම උපන් ගමවූ තංගමලයට යන්නේ එහි සැගවුණු යටගියාව පිළිබඳ ඔහු තුළ උපදින කුතුහලය සහ ගූඪ ඉතිහාසය සොයා ගැනීමටයි.2019 වසරේ අප්‍රියෙල් 06 වෙනි දින සිට අප්‍රියෙල් 21 පාස්කු ප්‍රහාරය දක්වා වූ කාලය තුළ සිදුවන සිද්ධි ධාමය මෙම තංගමලේ ඩයරීස් තුළ ගැබ්වේ.
් අපි මිරර්ආර්ට්ස් සන්නස්ගල ඇතුලු නිර්මාණ කණ්ඩායමට සුබ පතන්නෙමු.
තංගමලේ ඉක්මනින් මල්පිපේවා!!!!
මනෝහාරී