පසුගිය අරගල කාලයේ කලාකරුවන් අතර කැපී පෙනනෙ ලෙස අරගල භූමියේ කටයුතු කළ, රටේ අනාගතය වෙනුවෙන් කතා කළ, සටන් කළ ප්‍රවීණ රංගවේදිනියක වූ දමිතා අබේරත්නකලාකාරිණිය අද දින (සැප්තැම්බර් 07වන දින) පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.අද සවස බත්තරමුල්ල දියත පරිශ්‍රය තුළ පැවැති කලු හෝරාව නමින් මර්ධනයට එරෙහිව සංවිධානය කර තිබූ සාමකාමී විරෝධය සඳහාද දමිතා සහබාගීවී සිටි අතර ඉන් අනතුරුව ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
දමිතා ව අත්අඩංගුවට ගෙන ඇත්තේ ජූලි මාසයේ පැවති මහජන විරෝධතාවේදී ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුල් වීම යන චෝදනාව යටතේයි.
කලාකාරිනියක ලෙස කාගෙත් ආදරය දිනා සිටින දමිතා පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිටි කලාකාරිණියකි. ඇය වහාම නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගතයුතුය. දමිතා ව වහාම නිදහස් කළ යුතුය.!