1999 වසරේදී ඉදිකිරීම් ආරම්භ කර 2002 දී ජනතා අයිතියට පත් කළල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලය සහ සංස්කෘතික මධ්‍යස්ථානය, ට මේ වනවිට වසර 20කි.ලංකාවේ ඕනෑම පුද්ගලයෙකුට මෙහි සාමාජිකත්වය පහසුවෙන් ලබාගත හැකි අතර පොත් දොරට වැඩීම්ල වැඩමුළු ආදී දේ සඳහා වන පහසුකම්වලින් ද සමන්විත ය.මෙම මධ්‍යස්ථානයේදී සිනමා ප්‍රදර්ශණ සාහිත්‍ය කථිකාවන් පාසල් ළමුන් සඳහා විවිධ අධ්‍යාපනික වැඩ සටහන් ආදිය පසුගිය වසර ගණනාව තුළ ක්‍රියාත්මක වේ
වර්තමානය වන විට එය ශ්‍රී ලංකාවේ විශාලතම පුස්තකාල කිහිපය අතරින් එකක් වන අතර විවිධ ග්රන්ථ 40,000 ක් සහ සාමාජිකයන් 8,000 කගෙන් සමන්විත බැහැරදෙන අංශ විමර්ශන අංශ, ළමා අංශ ,ශ්‍රව්‍ය දෘශ්‍ය අංශ කියවීම් ශාලා, ශ්‍රවණාගාර ආදී විවිධ පහසුකම් රැසකින් සමන්විතය.
එවන් සුවිශේෂතා රැසකින් සමන්විත බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලය සහ සංස්කෘතික මධ්‍යස්ථානය තුළ බ්‍රිතාන්‍ය කවුන්සිලය මගින් ස්ථාපිත කරන ලද ඩිජිටල් පුස්තකාල පුවරුව(British council digital library wall) විවෘත කිරීම සහ පුස්තකාල සංවර්ධන කමිටුව විසින් අභිනවයෙන් ස්ථාපිත කරන ලද .පුස්තකාල ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකය.(Audio visual unit)ඉකුත් සිකුරාදා දින පුස්තකාල පරිශ්‍රයේ දී විවෘත කරන ලදී.
සුනේත්‍රා බණ්ඩාරනායක, බ්‍රිතාන්‍ය කවුන්සලයේ ශ්‍රී ලංකා අධ්යක්ෂ මාර්යා රෙහ්මන් ද එම සුවිශේෂී අවස්ථාවට සහභාගී විය.
හොරගොල්ල පුස්තකාල සාමාජිකයන් හට බ්‍රිතාන්‍ය කවුන්සිල ඩිජිටල් පුස්තකාල සාමාජිකත්වය ලබාගැනීමේදී 50% වට්ටමක් හිමිවන අතර හොරගොල්ල පුස්තකාල ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකය හරහා ශ්‍රව්‍ය ග්රන්ථ(Audio books) ,විවිධ අධ්‍යාපනික වැඩසටහන්, ළමා වැඩසටහන් සහ කතන්දර, විවිධ වාර්තා චිත්‍රපට, සම්මානලාභී සිනමාපට, ගුවන්විදුලි වැඩසටහන්, වේදිකා නාට්‍ය සහ හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දේශන මෙන්ම ඔවුන් පිළිබඳ වාර්තා වැඩසටහන් නැරඹීමටත්, විවිධ දුර්ලභ ශ්‍රව්‍ය දෘශ්‍ය තැටි ඇසීමටත් නැරඹීමටත් හැකියාව ඇත.