අර්බූද රැසක් මධ්‍යයේ ජීවත් වන මිනිසුන්ට සාහිත්‍යමාසය යම් අස්වැසිල්ලක් උදාකරමින් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය 16වන දන සිකුරාදායින් ඇරඹෙනවා. පොත් මිළදී ගැනීමට හැකියාවක් ඇති අය අලුතෙන් නිකුත්වන විවිධ සාහිත්‍ය කෘති මිළදී ගනිවී.
ස්වර්ණ පුස්ථක සහ වෙනත් සාහිත්‍ය සම්මාන උළෙලයන්හි ජයග්‍රහනය කළ කෘති ලබාගැනීම අනිවාර්්යවේවි. සිනමා ලෝලීන් ලෝකයේ පැවැත්වෙන ඉහළතම සම්මාන උළෙලයන් හි සම්මානයට පාත්රවෙන සහ නිර්දෙශ වන සිනමා නිර්මාණ නැරඹීට උත්සුක වන තරමටම සාහිත්‍ය සම්මාන උළෙලයන් හි සම්මානයට පාත්රවන සහාිත්ය කෘති මිළදී ගැනීමට සහාත්යලෝලීන් පෙළඹී සිටිනවා. එසේ නොවුනත් තමන් කැමති ලේඛකයන්ගේ ලේඛිකාවන්ගේ කෘති මිළදී ගැනීම සහ අතපසු වූ සාහිත්‍ය කෘති මිළදී ගනීමට උත්සුක වෙනවා.
මෙවර ජාත්‍යන්තර පෙත් ප්‍රදර්ශණය සැප්තැම්බර් මස 16 වන දින සිට 25දින දක්වා කොළඹ 07 බණ්ඩාරනායක සම්මන්ත්රණශාලා පරිශ්‍රයේදී පවැත්වෙනවා. මෙවර අනිත් වසරවලට වඩා පොත් ප්‍රදර්ශණ කුටි අඩු බව සඳහන් වෙනවා. ඒ වගේම පරණ මිළට මුද්‍රණය කරන ලද පොත් ඒ මිළට මිළදී ගත හැකිවේවි. දෙවන තෙවන ප්‍රකාශන ලෙස එළි දක්වන පොත් වර්තමාන මිළ සමග ඉහළ මිලක් වනු ඇතුවාට කිසිඳු සැකයක් නැහැ.
මෙවර පොත් ප්‍රදර්ශණ කුටි තුළින් නවතම ප්‍රකාශන රැසක්ම ඔබට මිළදී ගත හැකිවේවි.
රට බංකොලෙත් වී ඇති මොහතක එහි ගිලී සියල්ල අත්හරින්නට අකමැති මිනිස්සු අමාරුවෙන් හුස්ම ගන්න හදන මෙවන් වෑයම් සඳහා ජනතාවගේ දායකත්වය අවශ්‍ය මොහොතයි මේ. කුමන දුෂ්කරතා තුළ වුවුද ජනතාව කලාව සාහිත්‍ය අත් නොහැරීම අරගල භූමිය තුළින් ද අත් දුටුවෙමු.
ජාත්‍යන්තර පෙත් ප්‍රදර්ශණ භූමිය සාහිත්‍ය රසවතුන්ගෙන් පිරී යනු නොඅනු මානය.
සාහිත්‍ය මාසයේ සම්මාන ලාභී ලේඛක ලේඛිකාවන්ට Mirrorarts සුබ පතන අතර පෙත් ප්‍රදර්ශණ භූමියේදී පොත් ජනගත කරනු ලබන සියලු ම ලේඛක ලේකිකාවන් ට සුබ පතන්නෙමු !!!.
කොරෝනා උවදුර තවදුරටත් පවතින හෙයින් ඔබ ඔබේ සෞඛ්‍ය ආරාක්ෂාව පිළිබඳ දරුවන්ගේ සහ අනෙකාගේ සෞඛ්‍ය පිළිබඳව සැළකිලිමත්වෙන්න. ආරක්ෂාවෙන්න