සම්මාණනීය ප්‍රවීණ ලේඛකයෙකුවන ජයකොඩි සෙනෙවිරත්න මහතා අවුරුදු 83 ආයු වළදා සැප්තැම්බර් මස 21 දින රාත්‍රියේ ජයවර්ධන පුර රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත.
1936 වසරෙ මාර්තු මාසෙ 20 වැනිදින මෙලොව එළිය දුටු ජයකොඩි සෙනෙවිරත්න මහතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය අරඹා අනතුරුව කුඩා කළ සිට තම නිසග කුශලතාව වූ ලේඛන කලාව ඔප්නංවා ගෙන 1968 සිට සිය ලේඛණ කලාව අරඹා මෙරට සාහිත්‍ය ලෝකයේ ප්‍රවීණ ගත්කරුවෙකු බවට පත්විය.
සාහිත්‍යයට අපමණ සේවයක් කර අගනා සාහිත්‍ය කෘති රැසක් දැයට දායාද කර ඇති ජයකොඩි සෙනෙවිරත්නයන් ගේ කෘති අතර සිනමාවට සහ රූපවාහිනී නිර්මාණ බවට පත්වූ කෘති රැසක් ද වේ.
ඔහු තම 54වසරක ලේඛණ කලාවේදී නිර්මාණය කරන ලද පොත් 66කි.පහත දැක්වෙන්නේ ඔහු විසින් නිර්මාණය කරන ලද නිර්මාණ පිළිබඳ විස්තරයකි.
පළමු නවකතාව ආදර ගඟ ගලන දෑසයි.1984දී කුමාරිහාමි නවකතාව වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය පාත්රවිය.අස්වැන්න බොහෝ සාහිත්‍ය රසිකයින්ගේ ආකර්ශනය දිනාගත් සම්මාණයට පාත්රවූ නවකතාවකි.කුමාරිහාමි එවක ජාතික රූපවාහිනියේ පේ්රක්ෂක ආකර්ශණය ලබා විකාශය වූ සම්මාන රැසක් දිනාගනු ලැබූ ටෙලි වෘතාන්තයකි. එමෙන්ම ඔහුගේ නිර්මාණ රැසක් සිනමාවට සහ රූපවාහිනී නිර්මාණ ලෙසින් නිර්මාණය වී තිබේ.
චූටි වෙදරාළ/රස කතා /ගුරු මහ දසාව /සිත්තරෙකුට පෙම් බැඳ /දෙමස්සිනෝ/මිහිඳුම් සළු/ රන තිසරු/ රන් කුසලානය/සහෝදරයෙක් /සුදු හාමිනේ/ රමණි/
රං කිරිල්ලි /මල් මැණිකේ/ නොමැරෙන මිනිස්සු /අනුත්තරා /සොල්දර ගෙදර/අග මෙහෙසිය /කුමාරිහාමි/ වක්කලම/ පටලැවිල්ල /සුළිය/ තණ විල වත්ත/අවපාතය/ කස්තිරම / අඬු අඬුව/ මිනිස්සු/ නොමිනිස්සු/පියගැට පෙළ/ නෑනා /හිතවතා/ නිකිණි වැස්ස /අම්මයි දුවයි/ කොලනිය/පොඩි හාමුදුරුවො/දූ කුමාරි/ අතවැසියෝ/ වජිරපාණි /බිංදුගෙ කරණම /මිහිරාවිය/තිසාලා සහ විශාකා /සුදුරූකඩ/ වෙද මැදුර/ බකිනි මල/රන් තරුව/දීපා /කටු අත්ත/ අස්වැසුම/තරු පොකුරු/ ලොකු පුතා/ රූබර දෝණි/හිතුවක්කාරි /පාළොස් පැය /රිදී සේල/පංචකල්‍යාණි/ සුන්දර සහ දේවින්ද/පිනි පලස /ස්වරණ වර්ණ/ උරචක්‍රමාලය /කිරි ගෙදර/නෙරළු උයන/කැලේ ගස /දිසාපාමොක්/ සුධාරි/ අක්වැල්ල/ ටිකිරි හාමු/ ආඬි හත්දෙන/ලෝකෙට ලොක්කා/රෝස්මර් පර්ල් හෙවත්මුතු සෙනෙවිරත්නයන් විසින් රචනා කරන ලද අවසාන කෘතිය වේ.
ජයකොඩි සෙනෙවිරත්නයන්ගේ දේහය අංක 09, නුගේවත්ත,කිරිඳිවැල ජයකොඩි සෙනෙවිරත්නයන්ගේ නිවසේ තැන්පත් කොට තිබේ. අවසන් කටයුතු එලැඹෙන සෙනසුරාදා 24 දින සවස 4.00 ට පූගොඩ, හල්පිට ප්‍රධාන සුසානභූමියේදී සිදුකෙරේ.
සාහිත්‍ය මාසයේදී ප්‍රවීණ සාහිත්යවේදියෙකුගේ නික්ම යාම පිළිබඳ මිරර්ආර්ට්ස් අප ශෝඛය මෙසේ සටහන් කරන්නෙමු.!!!