වසර 75ක දීර්ඝ ඉතිහාසයක් ඇති ලාංකේය සිනමාවේ අධ්යක්ෂවරියන්් මුණගැහෙන්නේ අතක ඇගිලි ගානටත් අඩුවෙනි. අධ්යක්ෂවරියක් වීමට කාන්තාවන්ට පැහැදිළි පහසු ඉඩක් නිර්මාණය නොවුන පසුබිමක ඒ කාන්තාවන් කිහිපදෙනාගෙන් සමහරක් අධ්යක්ෂවරියන් වන්නේ වෘත්තීය ලෙස නිළිකම තෝරාගත් අයයි.
රූබීද මෙල්, රෝහිණී ද සේරම්(ගුණසේකර), මාලිනී ෆෙෆාන්සේකා, ශ්‍රීයානි අමරසේන රංගනය තුළින් අධ්යක්ෂණයට ප්රවිශ්ට වූ සිනමා අධ්යක්ෂවරියනුයි.
සුමිත්‍රා පීරිස් සිනමාව හදාරා තම වෘත්තීය ජීවිතය සිනමා සංස්කාරකවරියක් ලෙස ගොඩ නගාගැනීමෙන් අනතුරුව සිනමා අධ්යක්ෂවරියක් විය. ඉනෝකා සත්‍යාංගනී ටෙලි නාට්‍ය සහ වාර්ථා වැඩ සටන් අධ්යක්ෂවරියක් ලෙසත් සිය කටයුතු තුළ හිඳිමින් සිනමා අධ්යක්ෂවරියක් ලෙස ජාතික චිත්‍රපට සංස්ථාවේ ණය යෝජනා ක්‍රමය තුළින් ලද මූල්‍ය සහයෝගයෙන් සිය පළමු සිනමා නිර්මාණය ඉදිරිපත් කරමින් සිනමා අධ්යක්ෂවරියක ලෙස නමක් සනිටුහන් කළාය. ඇයට අධ්යක්ෂවරියක් වන්නට පහසුකම වූයේම මූල්‍ය අනුග්‍රාහකත්වයක් හිමිවීමයි.ඒ 2003 වර්ෂයේය. එතැක් පටන් වර්තමානය වනවිට ගෙවී ගිය වසර 20ක කාලයක් පුරාවට ලාංකේය සිනමාව වෙත නිෂ්පාදකවරියන් ලෙස සිනමාවට දායක වූ කාන්තාවන් හැරුනවිට සිනමාවට දායක වූ අධක්ෂවරියන් වාර්ථා නොවීම ලංකාවේ පොළව තුළ කාන්තාවන් සඳහා ඇති ආස්ථානය පිළිබඳ පැහැදිළි චිත්‍රයක් අපට කියවා ගත හැකිය.
ලංකාවේ පාර්ලිමේන්තුව තුළ අනපනත් සැකසෙන්නේ පාර්ලිමේන්තුවට අවම කාන්තා මන්ත්‍රීවරියන්ගේ ප්‍රතිශතය සියයට විසිපහක්වත් විය යුතුය යන්නය. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් නොකරනතාක් අපට කාන්තාවන් එවැනි ක්ෂේත්රයන් තුළ වර්ධනය වනු දැකිය නොහැකිවනු ඇත.
ලාංකේය මහා සිනමාවට කාන්තාවන්ගේ විශාල අඩුවක් පැවතියද කෙටි චිත්‍රපට නිර්මාණය කරන අධ්යක්ෂවරියන් කිහිප දෙනෙකුම පසුකළෙක අපට දැකගන්නට හැකිවිය. ඔවුන් තම නිර්මාණ තුළින් කළ එළි බැසීම ලාංකේය මහා සිනමාවට ප්රවිශ්ටයක් ගනු ඇතැයිි අපට බලාපොරොත්තු ඇති කරවන්නක් විය.
ඒ බලාපොරොත්තු ඉෂ්ට කරමින් ඊට පළමු අවස්ථාව ලැබී ඇත්තේ ලංකා බණ්ඩාරනායක ටය. ලංකා සිය පළමු කෙටි චිත්‍රපටය වූ 'උරුමය' තුළින් ජාත්‍යන්තර කෙටිසිනමා උළෙලයන්හි සම්මානයට පාත්රවිය.ඇය අධ්යක්ෂවරියක් ලෙස එසේ සිය ගමන ආරම්භ කරලීමෙන් අනතුරුව කෙටි චිත්‍රපට සහ වාර්ථා චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කරනු ලැබීය. අනතුරුව ලංකා ශිෂ්‍යත්වයක් ලැබ එක්සත් රාජධානියට සඳහා පිටත්ව ගියේ සිනමාව හැදෑරීම පිණිසය.
සුමිත්‍රා පීරිස්ගෙන් පසු දූපතෙන් එළියට ගොස් සිනමාව හදාරා අධ්යක්ෂවරියක් වන්නට අවස්තාව ලැබුනේ ලංකා බණ්ඩාරනායකටය.
ලංකා සිය සිනමාව හදාරමින් සිටින මොහොතක තවත් අවස්ථාවක් ලැබී තිබේ. ඒ අවස්ථාව පිළිබඳ ලංකා සිය මුහුනු පොතේ මේ ආකාරයෙන් සටහනක් තබා තිබුනාය.
මගේ පලවෙනි දීර්ඝ චිත්‍රපටය සදහා තියන පළවෙනි පියවර...
මගේ පලවෙනි චිත්‍රපටිය, The Hail හි පිටපත හොලිවූඩ් සිනමාවේ ප්‍රවීනයන් සමඟ වැඩිදියුණු කරන්න පුර්ණ ශිෂ්‍යත්වයක් මට මේ අවුරුද්දේ හිමිවුනා. ලොස් ඇන්ජලීස් නුවර පිහිටුවලා තියන GLOBAL MEDIA MAKERS ආයතනය විසින් වාර්ෂිකව පවත්වන මේ නේවාසික සිනමා වැඩසටහනට මේ අවුරුද්දේ මට සහභාගිවීම සඳහා ලැබෙන මේ ශිෂ්‍යත්වය වෙනුවෙන් ස්තූති කරන්න ඉන්න ප්‍රධානම පුද්ගලයා Sanjeewa Pushpakumara. සංජීව අයියාගේ "අම්මා" චිත්‍රපටියට 2019 අවුරුද්දේ මේ වැඩසටනට ශිෂ්‍යත්වයක් හිමි වෙනවා. එයින් පසුව ඔහුට මේ වැඩසටහනට ලංකාවේ සිනමා කරුවන් නම් කරන්න ලැබෙන අවස්ථාවට, ඔහු ලංකාවෙන් නම් කරපු තරුණ සිනමාකරුවන් තුන් දෙනාගෙන් අවසානයේ මගේ චිත්‍රපටිය මේ වැඩසටහනට තෝරා ගන්නවා.
ලංකාවේ මේ වෙලාවේ තියෙන තත්වේ එක්ක චිත්‍රපටි හදනවා තියා එදිනෙදා ජීව්තේ ගත කරගන්නේ කොහොමද කියලා හිතන්න වුනත්, අපිට ඉතිං සිනමාව එක්කම හැප්පෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ.
අධ්යක්ෂණයට ප්රවිශ්ට වෙන්න බොහෝ නිර්මාණශීලී තරුණ කාන්තාවන් ට අපේක්ෂාවක් ඇතිවුවත්, ලංකාවේ සිනමා කර්මාන්තයට නිසි පිළිගැනීමක් නැති රටක වසර 75කට පසුවවත් සිනමාව වෙනුවෙන් පෙර පරම්පරාවේ උන් කිසිවෙකු තමන්ගෙන් පසු එන සිනමාකරුවන්ට අවශ්‍ය පසුබිම ගොඩනගා නැති පසුබිමක, සිනමාව වෙනුවෙන් ආයෝජනය කරන්නට මෙරට මූල්‍ය සැපයුම් කරුවන් නොමැතිවීම සහ රජයන් විසින් මෙන්ම සිනමාවේ බලධාරීන් විසින් ඒ මූල්‍ය සැපයුම්කරුවන් සොයා හඳුන්වාදීමක් සිදු නොකිරීම මෙන්ම ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් ගොඩ නොනැගීම නිසා කාන්තා අධ්යක්ෂවරියන්ට මෙන්ම තරුණ අධ්යක්ෂවරුන්ටද මහා සිනාමාවට දායක වීමේ අවස්ථාවන් අහිමිවී තිබේ.
ලංකා තමන්ගේ සිහිනය සැබෑ කරගැනීම අරඹයා පවතින ක්‍රමය තුළ හැප්පෙමින් දූපතෙන් පිටත ඇති අවස්ථා ප්‍රයෝජනය ගනිමින් තම සිහිනය සැබෑ කරගැනීමට උත්සාහ කරන්නේ සිනමා අධ්යක්ෂවරියක් වීමට ඇය තුළ ඇති උවමනාව නිසාමය.
ඒ හැප්පීම ඇයට සුබදායීවේවා! ඇය මේ දූපතෙන් එළියේ ජාත්‍යන්තරය සිනමාකාරිණියක් ලෙස තව තවත් ජයග්‍රහණය කරත්වා!!
ලංකාට මිරර්ආර්ට්ස් හි සුබ පැතුම්!!