ධර්ශන් නළුවෙක් වෙන්න හීන මැව්වේ දෙමළ කොල්ලෙකුට කොළඹ නළුවෙක් වෙන්න හිතන්න බැරි කාලෙක. ඒත් හීනෙ හැබෑකරගන්න ධර්ශන් කාපු කට්ට දන්නේ එයාම විතරයි. ඒ වේදනාව පසුබට වීම් අතහැරීම් වගේම නැගී සිටීම් දන්නෙත් එයා විතරයි. හැබැයි ධර්ශන් හීනෙ පසු පස එක එල්ලේම ලුහු බැන්දා. ඒ නිසාම ධර්ශන් නළුවෙක් වුනා. ධර්ශන් නළුකම උපතින් ගෙනාව කෙනෙක්. ඒ නිසා හැමෝම දන්නවා ධර්ශන් දෙන චරිතෙට ඔහුගේ උපරීමය කරනවා කියලා. ඔහුගේ පෞරෂය කැපීපෙනුනා සිනමාවෙත් පුංචි තිරෙත්.
1981 මාර්තු දෙවෙනි දින උපන් ධර්ශන් අවුරුදු 41 ක් වැනි කෙටි කාලයක් හුස්ම අරන් 2022 ඔක්තෝබර් මාසයේදී ජීවිතයෙන් නික්ම යනවා.ඔහුට තව ඔ්නෑ තරම් හීන තියෙන්න ඇති .ධර්ශන් සබරගමු පලාතෙ රක්වාන ගමේ ඉපැදිලා රක්වාන ශාන්ත ජෝන් පාසලෙන් අධ්‍යාපනය හදාරනවා. ඔහු නළුවෙක් වෙන්නෙ 2008 දි ඒ සිඩ්නි චන්ද්‍රසේකරගේ A 9 ටෙලිවිෂන් නාට්‍ය මාලාවේ. ඉන් අනතුරුව ඔහු ප්‍රබාකරන් චිත්‍රපටයේ රංගනයට දායක වෙනවා. ඔහු පැමිණි කෙටි කළට චිත්‍රපට ගණනාවකම රංගනයෙන් දායක වෙනවා. ඔහුට හොඳම නළුවාට සම්මානත් ලැබෙනවා. අශෝක හඳගමගෙ ඉනිඅවන් චිත්‍රපටයෙ ඔහුට හොඳම නළුවාට හිමි සම්මානය ලැබෙනවා. මචං ,ඉරහඳ යට, ඉනිඅවන්, මාතා ,ඇඩ්රස් නැහැ, ස්පන්ධන, උලත් එකයි පිළත් එකයි, ආලෝකෝ උධපාදි, කෝමාලි කිං , පෝරිසාදයා, දැවෙන විහගුන්, සුනාමි, සුපර්නා, කවුරුවත් දන්නෙ නැහැ වැනි නිර්මාණ සඳහාත් ඉදිරියේදී තරගත වීමට නියමිත චිත්‍රපට මෙන්ම ටෙලි නාට්‍ය ගණනාවකත් ඔහු රංගනයෙන් දායකවෙලා තියෙනවා.
හදිසි හෘදායභාධයකින් මිය ගිය ධර්ශන්ගේ දේහය අද සවස 7 සිට කොළඹ ජයරත්න පෞද්ගලික මල් ශාලොවේ ලෝටස් ශාලාවේ තැන්පත් කර තිබෙනවා 2022 ඔක්තෝබර් 03වෙනි දින සවස 3 වෙනකම් ඉන් අනතුරුව දේහය ඔහුගේ උපන් ගමවූ රක්වාන වෙත රැගෙන යන්න ට කටයුතු සැළසුම් කර තිබෙනවා.
ධර්ශන් ඔහුගේ කෙටිකාලීන ජීවිතය තුළ නොමැකෙන නාමයක් රූපයත් ඉතුරු කොට නික්ම යනවා.ඔහුගේ හදිසි අභාවය පිළිබඳ මිර්ර් ආර්ට්ස් හි කනගාටුව මෙසේ ප්‍රකාශ කරනවා.
ධර්ශන් ඒ හිස්තැන ගැඹුරුයි