බොලිවුඩයේ විශිෂ්ට සහ ජනප්‍රිය රංගන ශිල්පිණියක් සහ ගෝලීය නිරූපිකාවක් වන දීපිකා පදුකෝන්ට දෙසැම්බර් 18 වන දින කටාර්හි ලුසෙයිල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත පාපන්දු අවසන් මහා තරඟයේදී FIFA 2022 ලෝක කුසලානය එළිදැක්වීමට ආරාධනා කර ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රවෘත්තිය ඉන්දියානු පාපන්දු සහ බොලිවුඩ් රසිකයින් අතර වේගවත් රැල්ලක් මෙන් පැතිර ගොස් ඇත. ඒ දීපිකා පදුකෝන් එහි සමස්ත ක්‍රීඩා ඉතිහාසයේ ලෝක කුසලාන තරගයක කුසලානය එළිදක්වන පළමු ඉන්දියානුවා වනු ඇති බැවිනි.
වාර්තා වලට අනුව දීපිකා කටාර් වෙත පියාසර කිරීමට නියමිතව ඇත්තේ ගෝලීය රසිකයන්ගෙන් පිරී ඉතිරී යන තදබදයෙන් පිරුණු ක්‍රීඩාංගනයක ගෞරව දැක්වීම සඳහා ය.පංතිය, වාර්ගිකත්වය සහ භූගෝලීය දේශසීමා කඩාබිඳ දැමීම් සිදුවන මෙවැනි ජාත්‍යන්තර කීර්තිමත් උත්සවයකදී මෙය ඉන්දියාවට විශිෂ්ට නියෝජනයක් ලබා දෙනු ඇත.
පාපන්දු ලෝක කුසලාන 2022 ප්රවෘත්ති හැරුණු විට දීපිකා ප්රමුඛ සිරස්තල තුළ ඉස්මතුව පෙනේ .ඒ සියල්ල ඇය පිළිබඳ වූ යහපත් වාර්ථාවිය..
දීපිකා පදුකෝන් 2022 කීර්තිමත් කෑන්ස් චිත්‍රපට උළෙලේ ජූරි සභිකයෙකු ලෙස තේරී පත් විය. ඇය 2023 ජනවාරි 25 දින තිරගත වීමට නියමිත පතාන්Pathan චිත්‍රපටයේ ෂාරුක් ඛාන් සමඟ ඇගේ සංවේදී චරිත රංගනය දැකගැනීමට සූදානම්ව සිටී. එමෙන්ම ඇය ප්‍රොජෙක්ට් K සඳහා ඇයගේ PIKU චිත්‍රපටයේ සම-නළු අමිතාබ් බච්චන් සමඟ ද පෙනී සිටිනු ඇත. තවද ඇය මෑතකදී රෝහිත් ෂෙට්ටි අධ්‍යක්ෂණය වන සර්කස් හි සැමියා වන රන්වීර් සිං සමඟ විනෝදකාමී චරිතයක් සඳහා ආරාධිත රංගනය සඳහා දායක විය.
එමෙන්ම දීපිකා විසින් ස්කින් කෙයාර් 82°Eනමින් නවතම සන්නාමයක් දියත් කිරීමෙන් පසු ඇය ව්‍යවසායිකාවක් ලෙසද විශාල ප්‍රගතියක් ලබා ඇත.
දීපිකා මේ සියවසේ ආසියානු කලාපයේ කැපී පෙනෙන රංගන දස්කම් මෙන්ම විවිධ සමාජ කටයුතු තුළ මෙන්ම ලෝක සිනමාවේද කැපී පෙනෙනම කාන්තාව බවට පත්ව ඇත.