සියල්ලෝම හැරයමින් සිටිති. පෙරදා බොහෝ අය නික්ම ගොසින්ය. දැන් ලග ලගම එකිනෙකා හැරදා ඔවුන් සැනසීම ට පත්වෙමින් සිටිති. සමීපයේම නුවන් ගුණවර්ධන නම්වූ රසවත් ගායකයා නික්ම ගියේය. ඒ වියෝවේ වේදනාව ගෙවී යන්නටත් පෙර තවත් ප්රථිභාපූර්ණ සංගීතයේ වෙනස් මාවතක ගමන් කරමින් මෙරට ප්‍රසංග වේදිකාවේ අති දැවැන්තයෙකු වූ ප්‍රවීණයෙකු ජනප්‍රිය ගායකයෙකු ජීවිතයෙන් සමුගෙන ගොස් තිබේ.
නිහාල් නෙල්සන් යනු යුගයකි. ඔහුගේ ගැයුම ඔහුගේ නැටුම ඔහුගේ රැගුම ප්‍රසංගවේදිකාවේ පෙර සිටම හුන් රසික රසිකාවියන්ට අමතක කළ නොහේ. නිහාල් නෙල්සන් යනු ලෙජන්ඩ් එකකි.1946 ජනවාරි 09වෙනි දින මොරටුවේ උපන් ඔහු ගීත ඇල්බම් 113ක් නිකුත් කර මෙරට සංගීතයේ වාර්ථා තැබූවෙකි නිහාල් ගීත රචකයෙකි. සංගීත නිර්මාණකරුවෙකි. ගායකයෙකි. පෙරගමන්කරුවෙකි.
නිහාල් නෙල්සන් පාසල් වේදිකාවේ සිටම ගායනයට යොමුවූවෙකි. ඔහු මොරටුව පාසල් යන කාලයේ සිටම ගායකයෙකු ලෙස ජනප්‍රියය. මාලිනී ශ්‍රියාලතා ඔහුගේ බිරිඳය. ඔහුට එක් පුතෙකු වේ.
මංගල උත්සවයකදී සංගීතඥයෙකු වූ ඒ ජේ කරීම් ව මුණගැසීමෙන් පසු ඔහුව ආර් ඒ චන්ද්‍රසේන වෙත හඳුන්වා දෙනු ලැබීමෙන් අනතුරුව නිහාල් නෙල්සන්ගේ සංගීත ජීවිතයේ මහගු ආරම්භය සනිටුහන් විය. ඒ ආර්ඒ චන්ද්‍රසේනයන්ගේ මග පෙන්වීම යටතේ 1963 මාර්තු මස 31වන දිනදී නිහාල් නෙල්සන් විසින් ලස්සනට පිපුණු වන මල් ගීතය ලාංකේය සංගීත රසිකයින් වෙත මුදාහරිනු ලැබීමත් සමගය.
1978 දී ගුණේ අයියගේ කාමරේ සමඟින් කැසට් පටයක් නිකුත් කළ පළමු ශ්‍රී ලාංකේය ගායන ශිල්පීන් අතර ඔහු ද විය. මෙම නිකුතුව ශ්‍රී ලංකාවට කැසට් ආකෘතිය හඳුන්වා දුන් විජය රාමනායකගේ තරංගා ලේබලයෙන් නිකුත් කරන ලදී සංයුක්ත තැටියක් නිකුත් කළ පළමු අය අතර නිහාල් නෙල්සන් ද විය.
නිහාල් නෙල්සන්ගේ එකසිය දහවන ඇල්බමය නිහාල් 110 ඩොට් කොම් 2000 දී නිකුත් විය. සන්ෆ්ලවර්ස් චිත්‍රාගාරයේදී නීල් වර්ණකුලසූරියගේ දායත්වයෙන් සහ සන්ෆ්ලවර්ස්ගේ සංගීතයෙන් පටිගත කරන ලදී.නිහාල් නෙල්සන් වසර 59ක් අඛණ්ඩව ප්‍රසංග වේදිකාවේ ගායනා කළාය. 2023 වසරේ මාර්තු 31 වන දිනට ඔහුගේ සංගීත දිවියට 60 වසරක් පිරීමට නියමිතය.
ඔහු බොහෝ චිත්‍රපටවල පසුබිම් ගායකයෙකු ලෙසද කටයුතු කළේය. ඔහු ප්‍රථම වරට චිත්‍රපටයක පසුබිම් ගී ගායනය කරනු ලැබුවේ පෙම් කුරුල්ලෝ චිත්‍රපටයේය. සක්විති සුවය ලෝක හොරු හරි යනකොට ඔහොම තමයි සඳ වට රන්තරු ලොකු තාත්තා මල් වරුසා වාලම්පුරි දියමන්ති යන චිත්‍රපටවල ඔහු ගී ගැයීය.
2013 මාර්තු 15 දින ඔහුගේ 50 වසරක ගායන දිවිය සැමරීම සඳහා අවුරුදු 50 නිහාල් ඇවිත්,නමින් ප්‍රසංගයක් සංවිධානය කෙරුණි. 2015 දී වසරේ දී නිහාල් නෙල්සන් සිය උපන්බිම වූ මොරටපුරවරයෙන් රත්නවිභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීය.
නිහාල් නෙල්සන් ගේ ගීත රචනා කලාව තුළ සමාජ යේ විවිධ විෂමතාවන් මෙන්ම දැවැන්තව සාකච්ජා කළයුතු මාතෘකා සරල ගීවළින් අවශ්‍ය පණිවිඩය හෝ පෙළඹවීම ජනතාව තුළට ගෙන යන්නට උත්සාහ කිරීම ද විශේෂත්වයක් විය.
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ ගීතය මෙරට බොහෝ දෙනෙකුට බලපැමක් කරන්නට හැකිවූ ගීතයක් බව පිළිගැනේ.
සොමියට වරෙන් පුතා අගුලු දාලා නෑ දොරේ... නිහාල් නෙල්සන් බොහෝ අයට ජීවිතයේ සුන්දර කම විඳින්නට ආරාධනා කළේ එසේය.
නිහාල් ජීවිතයෙන් සමුගත්තේ බොහෝ දේ ලාංකේය ගීත රසික සමාජයට ඉතිරිකොටය. ඔහුව අගයන්නට කිසිවකු සමත් නොවුද ඔහුව අමතක කරන්නට කිසිවෙකුට නොහැකිවනු ඇත.
කරුණා සුවඳ තවරාලූ කාවඩි බයිලා කිරි දුන්නේ දරුවන්ටයි පන්සල පල්ලිය සල්ලි මිටි ගනන් එකයි දෙකයි තුනයි කිංකිණි හඩට සමවෙනා ආදී ගීත රැුසක් ගායනා කළ නිහාල් නෙල්සන් ගේ එම ගීත තවත් බොහෝ කාලයක් මෙරට රසික ජනතාව අතර රැව් පිළිරැරව් දෙනු නියතය.
නිහාල් නෙල්සන්ගේ අභාවය පිළිබඳව මිරර්ආර්ට්ස් මෙසේ ශෝකය පළකරන්නෙමු.