වේදිකා නාට්‍යක් වේදිකා ගත කිරීමට පෙර පුහුණුවීම් කළ යුතුය. ඒ සඳහා විශාල කාලයක් ගතවේ. මාස කිහිපයක පුහුණුවීම් කිරීමට නනාට්යකරුවෙකුට සහනදායි මිළකට පහසුකම් සහිත පුහුණුවීම් කිරීමට ස්ථානයක් නැති බව වේදිකා නාට්‍ය කරුවෝ පවසති.මේ පිළිබඳව සටහනක් යොමුකරමින් කෝසල ද සිල්වා මෙසේ සඳහන් කරයි.
"වේදිකා නාට්‍යක් පුහුණුවීම සදහා ලාංකීය වේදිකා නාට්‍ය කරුවාට තිබූ අවම සම්පත වන නාඩා ආයතනය ද පවතින පාලකයන් විසින් අහිමි කොට අවසන් ය.
පළාත්සභා මන්ත්‍රී ප්‍රතිපාදන මත ලක්ෂ 20ට ආසන්න මුදලක් වැය කොට මිනි තියටර් එක සංවර්ධනය කල අතර එකල එය නාට්‍යකරුවාට දැරිය හැකි මුදලකට පුහුණුවීම සදහා ලබාදීමට කටයුතු සිදු විය. පරිපාලනමය වෙනසත් සමග සැබෑ වෙනසක් වේදිකානාට්‍ය කරුවන්ට ද දැන් අත්පත් වී ඇත්තේ පෙර කී මිනි තියටර් එක ස්වාධීන රූපවාහිනී ආයතනයට ලබා දීමට වත්මන් සභාපති ප්රමුඛ පරිපාලනය තීන්දුකිරීමත් සමගය .
මෙයට හේතු වී ඇත්තේ පරිපාලන වියදම් පියවා ගැනීමට නොහැකිවීමයි. එය එසේනම් වත්මන දී එම පරිපාලන වියදම් පියවෙන බැවින් නාට්‍ය පුහුණුවීම් සදහා ප්‍රධාන රගහල මිනි තියටර් එක ලබා දුන් මුදලට ලබා දීම යුක්ති සහ ගත නොවේද?.
එය එලෙස සිදුවී නැත. ප්‍රධාන රගහල පැයකට රුපියල් 2400 ක මුදලකට පුහුණුවීම් සදහා ගත යුතුව ඇත.
අගනගරය අවට පුහුණුවීම් කිරීමට සුදුසු දැරිය හැකි මිළකට සුදුසු රගහලක් නොමැති ඛේදනීය ඛේදවාචකයට ඔබ අප සැවොම පත්කොට අවසන් ය.
ජෝන් ද සිල්වා රගහල ලුම්බිණි රගහල ආදී රගහලවල් තාමත් වසා දමා ඇත. සුදර්ශිය ද පුහුණුවීම සදහා සුදුසුම තත්වයේ නොපවතී. පාසැල් පද්ධතිය තුළ ඇති රාජගිරිය ජනාධිපති විද්‍යාලය රුපියල් 35000 ක් දිනකට ඉල්ලති.
මේ සදහා තවත් නිහඩව සිටිය යුතු ද ?
නාඩා ආයතනය නැවත නාට්‍ය කරුවන්ට ලබා ගැනීම සදහා එකමුතුවක් සහිත වැඩපිළිවෙලක් අවශ්‍යවේ.
ඒ සදහා ඔබ ඔබගේ අදහස් යෝජනා සමග එක්වන්න.
මෙය ඔබගේ වගකීමක් ලෙස ගෙන කටයුතු කරන්න.
කැදවුම්කරු
කෝසල ද සිල්වා
0779018231