කැලණිය විශ්වවිද්‍යාලයීය සිනමා හා රූපවාහිනී අධ්‍යයන සංසදය සමගින් කැලණිය විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලය එක්ව ඉදිරිපත් කරනු ලබන 𝐍𝐞𝐱𝐭 𝐅𝐫𝐚𝐦𝐞 𝐅𝐢𝐥𝐦 𝐅𝐞𝐬𝐭𝐢𝐯𝐚𝐥 𝟐𝟎𝟐𝟑 කෙටි චිත්‍රපට තරඟාවලිය සඳහා අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ වී ඇත.
සිනමාවට ඇලුම් කරන, හැකියාවෙන් පිරිපුන්, අංකුර සිනමාවේදීන්ගේ දක්ෂතාවයන් අගයන්නට අප සූදානම්. කැළණිය විශ්වවිද්‍යාලයීය අංශය, අන්තර් විශ්වවිද්‍යාලයීය අංශය සහ විවෘත අංශය වශයෙන් අංශ තුනක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ඔබට නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.
ඔබ වෙත සපයා ඇති ගූගල් පෝරමය නිවැරදිව පුරවා තරඟයට අයදුම් කළ හැකි අතර තරග කොන්දේසි සහ නීතිරීති එහි විස්තරාත්මකව සඳහන් වේ.
නිර්මාණ ඉදිරිපත් කළ හැකි අවසන් දිනය 2023 පෙබරවාරි 05 වන දිනය බව කරුණාවෙන් සලකන්න.
තරඟ කොන්දේසි සහ නීතිරීති
කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී අධ්‍යයන සංසදය මගින් සංවිධානය කරන NEXT FRAME FILM FESTIVAL 2023 සඳහා අයදුම්පත් භාරගැනීමේ පෝරමය පහත වේ. ඒ සඳහා ඔබ විසින් සත්‍ය හා නිවැරැදි තොරතුරු ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටින අතර අසම්පූර්ණ අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප වන බව කරුණාවෙන් දන්වා සිටින්නෙමු.
- මෙම තරඟාවලිය කැලණිය විශ්වවිද්‍යාලයීය අංශය , අන්තර් විශ්වවිද්‍යාලයීය අංශය සහ විවෘත අංශය වශයෙන් අංශ තුනක් යටතේ පැවත්වේ.
- කැලණිය විශ්වවිද්‍යාලයීය අංශය නියෝජනය කළ හැක්කේ අධ්‍යයන වර්ෂ 2016/2017 සිට 2020/2021 අධ්‍යයන වර්ෂ දක්වා වන විද්‍යාර්ථයින්ට පමණි.
- අන්තර්විශ්වවිද්‍යාලයීය අංශය නියෝජනය කළ හැක්කේ 2023 වර්ෂය වන විටත් අධ්‍යයන කටයුතුවල නිරතවන විද්‍යාර්ථයින්ට පමණි.ඔවුන් විසින් ගූගල් පෝරමයේ අධ්‍යයන වර්ෂය ඇතුළත් කිරීම අනිවාර්ය වේ.
- විවෘත අංශය නියෝජනය කරන තරගකරුවන්ට වයස් සීමාවක් නොමැති අතර ඉදිරිපත් කරන නිර්මාණය තමා විසින් අධ්‍යක්ෂණය කරන ලද්දක් බවට සහතික කරන ලද ලිපියක් තම අත්සනින් යුතුව මෙම පෝරමයට ඇතුළත් කළ යුතුය.
- සෑම නිර්මාණයක්ම ඉදිරිපත් කිරීමේදී එය තමා විසින් අධ්‍යක්ෂණය කරන ලද නිර්මාණයක් විය යුතුය.
- විශ්වවිද්‍යාල නියෝජනය කරන විද්‍යාර්ථයින් විසින් එකී නිර්මාණය තමන් විසින් නිර්මාණය කරන ලද බවට තම පීඨයේ පීඨාධිපති විසින් තහවුරු කරන ලද ලිපියක ස්කෑන් කරන ලද පිටපතක් ඇතුළත් කළ යුතුය.
- කෙටි චිත්‍රපට හෝ කෙටි වාර්තා චිත්‍රපටයක උපරිම කාල සීමාව මිනිත්තු 30 කි.
- ඔබ ඉදිරිපත් කරන නිර්මාණ අතර යම්කිසි ආකාරයක සත්ත්ව හිංසනයන් අඩංගු දර්ශන අන්තර්ගත වේ නම් එවැනි නිර්මාණ ඉදිරිපත් නොකරන්න.
- ඕනෑම තේමාවක් මෙන්ම ඕනෑම භාෂාවක් යටතේ නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර ඉංග්‍රීසි සිංහල හෝ දමිළ හැර වෙනත් භාෂාවකින් ඉදිරිපත් කරන නිර්මාණවලට සිංහල හෝ ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් උපසිරැසි ඇතුළත් කළ යුතු වේ.
- සමස්ථ තරගාවලිය සදහා එක් අයෙකුට ඉදිරිපත් කළ හැකි උපරිම නිර්මාණ ගණන 2 කි.
- ඔබ විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණ 2020.01.01 දිනයට පසු නිර්මාණය කරන ලද ඒවා විය යුතුය.
- 2023 පෙබරවාරි 05 වන දින මධ්‍යම රාත්‍රී 12 න් නිර්මාණ භාරගැනීම අවසන් වේ.
- යම් හෙයකින් ඔබ විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණ ඔබගේ නොවේ යැයි යම් වංචනික කටයුත්තක් හෙළිවුවහොත් එම නිර්මාණ තරඟයෙන් ඉවත් කිරීමට සිදුවන බව ද කරුණාවෙන් සළකන්න.
- විද්වත් විනිශ්චය මණ්ඩලයක් යටතේ විනිශ්චය කටයුතු සිදුකරන අතර ඔවුන් ලබාදෙන තීරණය අවසන් තීරණය බව කරුණාවෙන් සළකන්න.
- ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග , සම්මාන සහ සහතිකපත්‍ර පිරිනැමේ.
- නිර්මාණ එවීමේදී එය mp4 ආකාරයට එවන්න
- නිර්මාණ එවීමේදී නිර්මාණ අඩංගු ගොනු (Folders) Rename කිරීමේදී පහත පරිදි සිදුකරන්න.
- කැලණි විශ්වවිද්‍යාලයීය - Kln_Your name
- අන්තර් විශ්වවිද්‍යාලයීය - Inter_your name
- විවෘත අංශය - Open_your name
- යම් ගැටලු සහගත තත්වයක් මතු වුවහොත් මෙම දුරකතන අංක අමතන්න. දිනේෂා - 071 425 2813 /හර්ෂ - 078 959 2249
Google Form Link - https://forms.gle/m8Yxiq7cJE6R1iEq9
වැඩිදුර විස්තර සඳහා අමතන්න.
දිනේෂා - 071 425 2813 / හර්ෂ - 078 959 2249