සිනමා හා රූපවාහිනී කර්මාන්තවල අභිවෘධිය සඳහා ස්වාධීන නියාමන ආයතනයක් ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ඊට අදාළ යෝජනාව ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරනු ලැබ ඇත.
දේශීය සිනමාවේ අභිවෘධිය සඳහා 1971 අංක 47 දරන රාජ්‍ය චිත්‍රපට සංස්ථා පනත යටතේ, රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ස්ථාපනය කරන ලද අතර 1980 වර්ෂයේදී එය ජාතික චිත්‍රපට සංස්ථාව ලෙස නම් කරන ලදී.
මේ වන විට චිත්‍රපට කර්මාන්තය ගැටලු රැසකට මුහුණ දෙමින් දැඩි පසුබෑමකට ලක් වී ඇති අතර කර්මාන්තය නැවත නගා සිටුවීම සඳහා නියාමන කාර්යයයෙහි නියැලෙන ස්වාධීන ආයතනයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනා ගනු ලැබ තිබේ.
එමෙන් ම, රූපවාහිනී කර්මාන්තයේ ප්රගමනය උදෙසා අවශ්‍ය මග පෙන්වීම සඳහා ද එම කර්මාන්තය නියාමනය කිරීම පිණිස ස්වාධීන ආයතනයක් පැවතීමේ යෝග්‍යතාව ද රජය හඳුනා ගෙන ඇති අතර ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත.
උපුටා ගැනීම මවුබිම