පරාක්‍රම නිරිඇල්ලගේ ‘සෙක්කුව’ වේදිකා නාට්‍යයට වසර හතළිහකි. ඒ කාරණය මූලික කර ගනිමින් ජනකරළිය නාට්‍ය කණ්ඩායම, ‘සෙක්කුව’ නාට්‍යය ශ්‍රී ලාංකේය නාට්‍ය ක්ෂේත්රයට අත්පත් කර දුන් ජයග්‍රහණය සැමරීමේ උලෙළක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එය මේ මස 13 වැනිදා කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ආචාර්ය පණීභාරත ශාලාවේදී සවස 4.00ට ආරම්භ කිරීමට නියමිත ය.
එහිදි නාට්‍ය විචාරක සුගත් වටගෙදර සහ ප්‍රවීණ මාධ්‍යවේදී කුසල් පෙරේරා දේශන පවත්වති. 1976 වසරේ සිට මේ දක්වා සෙක්කුව නාට්‍යයට සම්බන්ධ සියලු ම රංගන ශිලපීන් අභිනන්දනය කිරීම ද සිදුවන අතර ‘සෙක්කුව’ ද එහිදී රඟ දැක්වෙයි.
සෙක්කුව මයිසූර් අන්තර්ජාතික නාට්‍ය උළෙලේ දී ‘‘සෙක්කුව’’ නාට්‍යය ආරම්භක නාට්‍යය ලෙස රංගගත කළ අතර. මෙම අන්තර්ජාතික නාට්‍ය උළෙලේ ප්‍රධාන ආරාධිතයා වුයේද පරාක්‍රම නිරිඇල්ලයන්ට සෙක්කුව නාට්‍යය හට ඉතා විශිෂ්ට ගෞරවයක් පුද කර සිටියේය.