ආදරවන්තයින්ගේ දිනය හෙට (14දාට) යෙදී තිබේ. මේ හේතුවෙන් ජනප්රිය ගායක චාමර වීරසිංහ සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබා තිබේ. ඒ අනුව හෙට දිනයේදී තමන් ආදරය කරන පුද්ගලයා තමාට ආදරය කරන්නේදැයි දැනගත හැකි බවත් හැගීම්වලට වහල් නොවී හෙට දවස ගැන සිතන ලෙසත් ඔහු පවසයි.
මේ චාමර වීරසිංහ සිය ෆේස්බුක් ගිණුමේ තැබු සටහනයි මේ.
ආදරණීය නංගියේ,මල්ලියේ
හෙට පෙබරවාරි 14.
සැබවින් නුඹ ආදරය කරන කෙනා හෝ නුඹට ආදරය කරන කෙනා හදවතින් නුඹට ආදරෙයිද කියා හෙට දවසේ නුඹට දැන ගන්න පුලුවන් වෙයි. ජීවිතේ හරි දේ තෝර ගන්න නුඹට හෙට දවස ලොකු හයියක් වෙයි...
හෑගීම් වලට ඉඩ නොදී නුඹගේ හෙට දවස් ගැන හිතන්න.එවිට අදට වඩා නුඹගේ හෙට දවස ගොඩක් ලස්සන වෙයි..තෙරුවන් සරණයි..