ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් හි පැවැති 59 වන ග්‍රැමී සංගීත සම්මාන උළෙලේ වසරේ ගීතය සහ ගීත ඇල්බමයට හිමි සම්මානය බ්‍රිතාන්‍ය ජාතික පොප් ගායිකා ඇඩෙල් (Adele )දිනාගත්තා.
ඒ, ඇගේ ඇල්බමය වන Adele 25 සඳහා ය. ඇය මෙම සම්මානය දිනාගත්තේ බියොන්සේ ගේ ලෙමනේඩ් ඇල්බමය ද පරදවමිනි.
වේදිකාවට පැමිණි ඇය මෙම සම්මානය ලබා ගැනීම තමා අපහසුතාවයට පත්කරන්නක් බව ඇය එහිදී පවසා සිටියේය.
ඒ අවස්ථාවෙදී සංවේදිව ඇය බියොන්සේ වෙත ප්‍රකාශකර සිටියාය.
“මට මෙම සම්මානය ගැනීමට අපහසුයි. ලෙමනේඩ් ඇල්බමය ඉතා සුවිශේෂි දැවැන්ත නිර්මාණයක්. හැම දෙනම එය අගය කරනවා. කලාකරුවො හැමෝම ඔබට ආදරෙයි. ඔබ අපේ ආලෝකයයි,” ඇය ඉතා සංවේදී ලෙස පැවසුවාය.