ඉන්දීය නව පරපුරේ නිළි සාන්යා මල්හෝත්‍රා දායකත්වය ලබා දුන් ජවාන් චිත්‍රපටය දැවැන්ත සාර්ථකත්වයකින් යුතුව මේ වන විට තිරගත වෙමින් තිබේ. ෂාරුක් ඛාන්ගේ තරු ගුණය සහ රංගන ක්‍රියාශීලීත්වය සහිත චිත්‍රපටියේ සාන්යා ඩොක්ටර් ඊරම්ගේ චරිතයට පණ පොවන්නීය. ඒ අනුව සිය චිත්‍රපටයේ සාර්ථකත්වය භුක්ති විඳිමින් සිටින සාන්යා ඉන්දීය සිනමාහල් තුළ පළ කෙරෙන ප්රක්ෂක ප්‍රතිචාර ගැන අදහස් පළ කරමින් 'පින්ක්විලා' සමග සාකච්ඡාවකට සහභාගි වී සිටියාය.
ප්‍රේක්ෂකයින් සහ මාධ්‍ය තමන් කෙරෙන් විමසන බොහෝ ප්‍රශ්නවලින් පෙන්නුම් කරන්නේ ජනතාව චිත්‍රපටයට කොතරම් ආදරය කරනවාද යන්නත් තමන් සියල්ලන් කෙරෙහි ඔවුන් ආයෝජනය කර ඇත්ද යන්නත් බව පවසමින් සාන්යා සිය සාක්ච්ඡාව ආරම්භ කර තිබිණි. ජවාන් 2 නිර්මාණය කිරීමට ඉඩකඩක් ඇති බවද එහිදී සඳහන් කරමින් එම කතාංගයටද නිෂ්පාදකයින් තමන් සමබ්න්ධ කරගනු ඇතැයි බලාපොරොත්තු වන බවත් සාන්යා එහිදී සඳහන් කර තිබුණාය.
ජවාන් චිත්‍රපටය නිකුත් වූ දිනයේ සාන්යා මල්හෝත්‍රා සිය 'ඉන්ස්ටග්‍රෑම්' ගිණුමෙන් ක්‍රීඩාංගණයක ශරුක් ඛාන් මෙන් තමන් පෙනී සිටින වීඩියෝවක් ප්‍රදර්ශනය කළ අතර එම වීඩියෝව නිතේෂ් තිවාරි විසින් රූගත කරනු ලැබ ඇත්තේ දංගල් චිත්‍රපටයේ රූගත කිරීම් කරන වකවානුවේදීය. ෂාරුක් ඛාන්ගේ කභි අල්විදා නා කෙහ්නා චිත්‍රපටියෙහි 'මිත්වා' ගීතය එහි පසුබිම අනුවාදනය වේ. එමගින් සාන්යා තමන්ට ශාරුක් ගැන ඇති භක්තිය පෙන්වීමට උත්සාහ දරා තිබිණි.
ඇට්ලී කුමාර්ගේ බොලිවුඩයේ මංගල චිත්‍රපටිය වන ජවාන්, ගෞරි ඛාන් සහ ගෞරව් වර්මා විසින් නිෂ්පාදනය කරනු ලැබ තිබේ. ෂාරුක් ඛාන් සමග නයන්තාරා, විජේ සේතුපති, ප්‍රියමනී, සන්යා මල්හෝත්‍රා සහ දීපිකා පදුකෝන් (විශේෂ චරිතයකින්) රංගනයෙන් දායක වන අතර
ජවාන් තිරගත වීමත් සමග චිත්‍රපටය උණුසුම් ප්‍රතිචාර ලබමින්, බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා ලබන ඉතිහාසගත, විශාලතම බොක්ස් ඔෆිස් පියවරක්ද තබා අවසන්ය.
ශිවන්ති ප්‍රනාන්දු පින්ක්විලා සාකච්ඡාවක් ඇසුරින් සැකසූවකි.