ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ ප්‍රතිකාර අවසන් බවට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඔහු නිවසට යැවීම පිළිබඳව කිසිදු ඉල්ලීමක් රෝහලට යොමු වී නොමැති බවත් රෝහල් අධ්යක්ෂ ප්‍රකාශ කළේය.
ජැක්සන් ඇන්තනි මහතා තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ තබා ගන්නවාද, පෞද්ගලික රෝහලකට මාරු කරනවාද හෝ නිවසට පිටත් කරනවාද යන්න පිළිබඳව රෝහල් බලධාරීන්, ඇන්තනි මහතාගේ පවුලේ අය එළඹෙන සතියේ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවට පළ වී ඇති වාර්තා ඒ අනුව අසත්‍ය වේ.
ශිවන්ති ප්‍රනාන්දු - අනිද්දා පුවත්පත