ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය ර්ංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා නිවසින් බැහැරට ගොස් සිට යළි නිවස වෙත පැමිණි අවස්ථාවේදී ඔහුගේ නිවස දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිටට ආ හඳුනා නොගත් පිරිසක් විසින් ඊයේ (17) රාත්රියේදී මෝටර් රථයට වෙඩි තබනු ලැබ පළාගොස් තිබෙන අතර මන්ත්‍රීවරයා පමණක් එම අවස්ථාවේ මෝටර් රථයේ හිඳ තිබේ. ඒ අනුව අනුරාධපුර පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර, නිවසට පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාවද යෙදවීමට කටයුතු යොදා තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කරයි.
උද්දික ප්‍රේමරත්න මහතා පසුගියදා විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරයකු හැටියට මින් ඉදිරියට අසුන් ගන්නා බව සඳහන් කළ අතර ඔහු ශ්‍රී ලංකාව තුළ ජනප්‍රියතම රංගන ශිල්පියෙකුද වේ.