රජය විසින් සමාජ මාධ්‍ය හා ඩිජිටල් මාධ්‍ය වාරණය කිරීමේ අරමුණින් මර්දනය කිරීමේ පනතක් ඉදිරිපත් කිරිමට නියමිත බවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය යන නම පෙරටු කර ගත්තත් එහි කිසිදු ආරක්ෂාවක් නොමැති අතර එහි ඇත්තේ මර්දනය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඊයේ (23) මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතවරුන් සමග පැවති හමුවකදී ඔහු මේ බව පවසා තිබේ.
පනතට අනුව වසර 5ක සිරදඩුවම් ලබා දෙන බලයක් ඇති නිසා අන්තර්ජාල කේන්ද්‍රස්ථාන මෙරට හැරයාමේ අවධානමක් ඇති බවත් දැනටමත් ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම්, ගූගල් වැනි ආයතනත් මේ පිළිබඳව ප්‍රතිචාර දක්වා ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී පවසා තිබේ.
වත්මන් රජය ඩිජිටල් ආර්ථිකයක් ගෙන එනවා යැයි පුරසාරම් දොඩමින් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය වාරණය කිරිමට උත්සාහ කරන බව ඔහුගේ අදහස වී ඇත.