ශ්‍රී ලංකාවේ සංගීත කර්තෘ, සංගීත නිර්මාතෘ සහ ප්‍රකාශකයන්ගේ සංගමයේ (ACPOSL) නව සභාපතිවරයා වශයෙන් ප්‍රවීණ ගේය පද රචක නිලාර් එන් කාසිම් මහතා පත්ව තිබේ. එහි අධ්යක්ෂ මණ්ඩලය වශයෙන් පත්ව ඇත්තේ කීර්ති පැස්කුවල්, සුනිල් ආර් ගමගේ, සමන්ත පෙරේරා, භාතිය ජයකොඩි, රංග දසනායක සහ රාජ් තිල්ලෙයාන්පලම් යන මහත්වරු වෙති.
ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් මාධ්‍යවල ගීත විකාශය කිරීමේදී සහ මහජනයා හමුවේ ගීත ඉදිරිපත් කිරීම්වලදී ගෙවිය යුතු කර්තෘ භාග ඒකරාශී කිරීමේ බලය සම්පූර්ණයෙන්ම ඇත්තේ සාමුහික සංගමයකට. (ACPOSL) යනු එවන් සාමුහික සංගමයක් වේ. ලෝක බුද්ධිමය දේපල සංවිධානයට අනුව රටකට පැවතිය හැක්කේ එක් සාමූහික සංගමයක් වන අතර ඒ අනුව සංස්ථාපිත වූ මෙරට සාමුහික සංගමය වන්නේ (ACPOSL) පමණකි. එහි කටයුතු බුද්ධිමය දේපල කාර්යාලය මගින් අධීක්ෂණය කෙරේ.
මෙම සංගමය ශ්‍රී ලංකාවේ ගීත රචකයන්, සංගීත අධ්යක්ෂවරුන් සහ සංගීත ප්රකාශකයන්ගෙන් සමන්විත වන අතර එය ලෝක බුද්ධිමය දේපල සංවිධානය හා ගිවිසුම්ගතව එහි නිර්ණායක මත පදනම්ව කටයුතු කරයි.
පුවත්
සංගීත කර්තෘ, නිර්මාතෘ, ප්‍රකාශක මුල්පුටුව නිලාර් එන්. කාසිම්ට
-
Category
පුවත් -
Hits
280 times