කේරළ ප්රාන්ත සම්මාන 09ක් දිනාගත් ඉන්දියාවේ මලයාලම් සිනමාවේ ජනප්රිය අධ්යක්ෂ කේ.ජී. ජෝර්ජ් 77 වසරක් ආයුෂ වළඳා පෙරේදා (24) අභාවප්රාප්ත වී තිබේ.
ඔහු 1975 තිරගත වූ ‘ස්වප්නාතනම්’ චිත්රපටයෙන් අධ්යක්ෂණයට පිවිසි අතර ඉනික්බිති කේරළ මුල්කොටගත් මලයාලම් සිනමාවේ සම්මානනීය අධ්යක්ෂවරයකු වීමට ඔහුට හැකි විය.