කොලිවුඩයට සිනමා ගී ලියන ශ්රී ලාංකික ගී පද රචක අස්මින් උතුමාලෙබ්බේ හෙවත් පොතුවිල් අස්මින්ගේ නවතම ගීතය 'කයානතුම් සාමි' මේ වන විට ඉන්ස්ටග්රෑම්හි ලක්ෂ පහ මාරකට අධික රසික ප්රජාවක් නරඹා තිබේ.
මේ සඳහා ඉන්ස්ටරෑම්හි අනූතුන්දහසක කැමැත්තදැක්වීම් (ලයික්ස්) හිමිව ඇති බවද පොතුවිල් අස්මින්ගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් වේ.
ශ්රී ලාංකික කවියෙකු වූ අස්මින් සිය පළමු කොලිවුඩ් ගී පද රචනයට යොමු වුණේ විජය ඇන්තනී රංගන ශිල්පියාගේ 'නාන්' චිත්රපටයටය. අනතුරුව මේ දක්වා තමිල්නාඩු ප්රජාව අතරද ඔහු ගෞරවාදරයට පාත්ර වන අතර ශ්රී ලංකාවේ ජනප්රිය වූයේ රයිනි චාරුකා දෙමළ බසින් ගැයූ ගීතයක් සමගින් සහ වින්ඩි ගුණතිලක ගැයූ 'අයියෝ සාමි ගීතයෙනි'.