හැරී පොටර් චිත්රපට මාලාවේ මහාචාර්ය ඇල්බස් ඩම්බල්ඩෝ වශයෙන් ලෝකයක් හඳුනා ගත් සර් මයිකල් ගැම්බන් වයස අවුරුදු 82ක් ආයු වළඳා සිය දිවි ගමන අවසන් කරයි.
මේ බව ඔහුගේ පවුලේ අය ප්රකාශ කරන අතර සිය දශක හයක වෘත්තීය ජීවිතය තුළ රූපවාහිනිය, චිත්රපටය, වේදිකාව සහ ගුවන්විදුලිය තුළ සේවය කළ අයෙකි.
නියුමෝනියාව වැළඳීමෙන් පසුව සාමකාමීව ගැම්බන් සිය ජීවිතයෙන් සමු ගත් බව පැවසේ.
ලන්ඩනයේ ලෝරන්ස් ඔලිවියර්ගේ නැෂනල් තියටර් ඇක්ටිං සමාගමේ මුල් සාමාජිකයෙකු ලෙස සිය රංගන ජීවිතය ඇරඹූ ගැම්බන් ඔලිවියර් සම්මාන තුනක් දිනා ගත් රංගවේදියෙකි.