වැලන්ටයින් දිනය නිමිත්තෙන් පෙබරවාරි 14 දින සමාජවාදී තරුණ සංගමය විසින් මෙවරත් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.
එහි තේමාව වූයේ "ආදරයට මිලක් නැති, දෑවැදි නැති, කුලමල නැති හෙටක්" යන්නයි. ඒ යටතේ දිවයින පුරා
අත්පත්‍රිකා ඛෙදාහරිමින් හා වීදිනාට්‍ය ඉදිරිපත් කරමින් ජනතාව දැනුවත් කරන ලදී.
එහි ප්‍රධාන වැඩසටහනට සහභාගී වෙමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර "ආදරයේ දුම්රියේ" නැගී සමාජවාදී තරුණ සංගමයේ සාමාජික සාමාජිකාවන් මාතර බලා ගමන් ගත්හ. එදින සවස මාතර වෙරළ තීරයේ දී ගීත ප්‍රසංගයක් හා දේශන කිහිපයක්ද පැවැත්විය.
මෙම වැඩසටහනට සහභාගී වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර විසින් දැක්වූ අදහස් මෙසේය.
'වැලන්ටයින් දිනය කියලා කියන්නේ ලෝකය පුරාම වැඩියෙන්ම ආදරය පිළිබ`ද කතා කරන දවස. ඒ වගේම අද තමයි ලෝකෙ පුරාම වැඩියෙන්ම මල් විකුණන දවස බවට පත්වෙලා තියෙන්නේ. නැත්නම් ආභරණ නැත්නම් චොකලට් විකුණන දවස බවට පත්වෙලා තියෙන්නේ. අපි දන්නවා තරුණ තරුණියන්ට අධ්‍යාපන ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම විශේෂ ප්‍රශ්නයක් තමයි ආදරය නැත්නම් විවාහය. මොකද අද වෙනකොට විවාහය කියන දේ හොඳ අධ්‍යාපනයක් නැත්නම් හොඳ රැකියාවක් කියන කාරණයත් එක්ක තීන්දු වෙනවා.
අපි දන්නවා අද තරුණ තරුණියන්ට විවාහවීම සඳහා විශාල මුදලක් හම්බකරන්න වෙලා තියනවා. ඒ වගේම තරුණියකට ලොකු දෑවැද්දක් හොයන්න සිද්ධවෙලා තියනවා තමන්ගේ විවාහය සාර්ථක කරගන්න.
ආදරයට බාධාවක් වෙලා තියෙන මේ දෑවැදි ක්‍රමය අවුරුදු දහසකට වඩා වැඩි කාලයක් තිස්සේ අපේ සමාජය විසින් කරපින්නාගෙන එනවා. ඒ නිසා ආණ්ඩුවට කියනවා විශේෂයෙන්ම තරුණියන්ට මහා හිසරදයක් වෙලා තියෙන ඉතා පැරණි මේ දෑවැදි ක්‍රමය පිළිබ`ද නීතියක් ගෙනල්ලා වහාම තහනම් කරන්න කියලා. අපේ විරෝධයක් නැහැ දෙමව්පියො විදිහට තමන්ගේ දරුවන්ට යම් දෙයක් දෙනවට.
අපේ පැත්තෙන් අපි කියන්නේ විශේෂයෙන්ම තරුණියන්ට මේකෙන් වන පීඩනය ආණ්ඩුව මැදිහත් වෙලා නතර කරන්න කටයුතු කරන්න කියලා.
ඔබේ සැබෑ ආදරය දිනා ගැනීම ස`දහා බාධා පමුණුවන හෙට දවස අවිනිශ්චිත කරන දේට විරුද්ධ වෙන්න.
අවසාන වශයෙන් ඔබ මේ රට තුළ ආදරය පිළිබ`ද අලූත් සාකච්ඡාවක් ආරම්භ කළ යුතුව තිඛෙනවා. ආදරය කියලා කියන්නේ කුල මල මත තීන්දු වන, දෑවැදි මිල මුදල් මත තීන්දු වන, ජාති ආගම් මත තීන්දු වන දෙයක් වෙන්න බැහැ. ඒ දේවල්වලට යටත් නොවී ආදරය කළ යුතුව තිඛෙනවා.'
එහි විශේෂ අවස්ථා පහත ඡායාරූපවලින් දැක්වේ.
ඡායාරූප සමාජවාදී තරුණ සංගමයේ අනුග්රහයෙනි
https://mirrorarts.lk/news/684-valantin#sigProId443ded95f7