ජාතික රූපවාහිනී සංස්ථාව ආරම්භ කර පසුගිය(14) දිනයට අවුරුදු 35ක් සැපිරුනා.
ශ්රී ලංකා රුපවාහිනී සංස්ථාවේ 35වන සංවත්සරයට සමගාමිව රාත්රී 8ට ප්රවෘත්ති විකාශය ආරම්භක සාමාජිකයන් සමග 14වෙනිදා රුපවහිනී සංස්ථා ප්රවෘත්ති මැදිරි පරිශ්රයේ දී යලි අතීතාවර්ජනයක් සිදුවීම එහි සුවිශේෂ කාරනයක් විය.
ඒ වෙනුවෙන් ඊයේ රාත්රියේ ප්රධාන ප්රවෘත්ති ප්රකාශය සිදුකෙරුණේ ජාතික රූපවාහිනියේ හිටපු ප්රවීන රූපවාහිනි ප්රවෘත්ති නිවේදක දෙපලක් වූ රොස්මන්ඩ් සේනාරත්න මහතා හා සුමණා නෙල්ලම්පිටිය මහත්මිය රුපවාහිනී ප්රවෘත්ති මැදිරියට පැමිණ පැරණි මතකයන් සිහිපත් කල අයුරුයි මේ.