ඉන්දියාවේ මේ වසරේ විකාශනය ආරම්භ කළ 'කතා අන්කහී' (Katha Ankahee) නාටකය ප්‍රක්ෂකයා ප්‍රීතියට පත් කළ සිදුවීම් ගණනාවක් සමග ඉදිරියට ආ නමුත්, පසුගිය සතියේදී කාතාගේ මස්සිනා වන යුවරාජ් විසින් ඇගේ විවාහය නතර කළේ වියාන් දැඩි සත්කාර ඒකකයට යනතුරු යුවරාජ් විසින් පහර දෙනු ලැබීමෙනි.
කෙසේ වුවත්, ඉන්දීය සාමාන්‍ය නාට්‍ය මෙන් අධි වෝල්ටීය අගයක් ගන්නා බවට හඳුන්වන සිදුවීම්වලින් අනතුරුව වෙනස්, නැවුම් ආස්ථානයකට නාට්‍යය ගෙන යෑමට නිෂ්පාදකයින් සූදානම් වන බව වාර්තා වේ.
තුර්කි ටෙලි නාට්‍යයක් වන 1001 Night ඇසුරින් ආරම්භ කළ මෙම නාට්‍යය මේ වන විට තුර්කි අනුවාදනයට අනුව ගෙන යාම අවසන් කර තිබේ. ඒ අනුව කතා මාලාව නැවුම් බවකින් ඉදිරියට ගෙන යෑමට නිෂ්පාදකවරුන් අපේක්ෂා කරන්නේ මෙම නාට්‍යය සාමාන්‍ය ඉන්දීය මසාලා නාට්‍යයක් වීම වළකනු පිණිස විය හැකිය.
අදිති ශර්මා සහ අද්නාන් ඛාන් මෙහි ප්‍රධාන චරිත රඟන අතර ලංකාවේ 'කදිර දිවයරාජ' චිත්‍රපටියේ නළු සමර් වර්මානිද මෙහි රංගනයෙන් දායක වෙයි.