ජීවිතයේ කිසි දිනක තමන්ගේ මුහුණට ෆේෂල්, ක්ලීන් අප් කර නොමැති බව රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරිය පවසයි.
'සාරවිට' වෙබ් අඩවිය වෙනුවෙන් නදීෂා අතුකෝරල සමග කළ සාකච්ඡාවකදී ඇය මේ බව පවසා ඇත.
තමන් සමාන්‍ය පිරිසිදු කිරීමක් සිය මුහුණට දිනපතා කරන බවත් වැඩි සත්කාර කිරීමට සිය සම දුර්වල වී නොමැති බවත් උදාරි පවසන්නීය.
උදාරිගේ මේ පුරුද්ද නිසැකවම ඇගේ රසිකයින් පුදුම කළ හැකි එකක් වුවත් බොහෝ වේලාවට ඇය අඩු රූපලාවන්‍ය යෙදීමක් රඟපෑමේදී පවා කරන බව බොහෝ දෙනා දන්නා කරුණක් වේ.