ඉන්දියානු ඡායාරූප ශිල්පිනී ගෞරි Prix Pictet ඡායාරූපකරණය සහ තිරසාරත්වය සඳහා වන ගෝලීය සම්මානය ජයග්‍රාහකයා ලෙස නිවේදනය කර තිබේ.
ඒ අනුව ස්විස් ෆ්රෑන්ක් ලක්ෂයක ත්‍යාගයක් ලබා ගනිමින් තරඟකරුවන් දොලොස් දෙනෙකු අතරින් ස්වාධීන ජූරි සභාවක් විසින් ගෞරි තෝරාගෙන ඇත. 'ක්‍රියාකාරී සවන්දීම' යනුවෙන් හඳුන්වන ප්‍රජාව සමඟ ගෞරිගේ වැඩ පවත්වාගැනීම සිදු වේ.
ඇය දශක දෙකකට වැඩි කාලයක් උතුරු ඉන්දියාවේ බටහිර රාජස්ථාන් කාන්තාරයේ සහ මහාරාෂ්ට්‍රයේ ආදිවාසී කලාකරුවන් සමඟ මෙන්ම පසුගිය දශකය තුළදී ආන්තික ප්‍රජාව සමඟද සමීපව කටයුතු කර ඇත.