කේරළය නියෝජනය කරන සුප්‍රකට නළුවෙකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන ප්‍රිත්විරාජ් සුකුමාරන් මාස 3ක විරාමයකින් පසුව යළි වැඩ අරඹා තිබේ.
මලයාලම් සිනමාවේ චරිතාංග හැකියා මැනවින් පෙන්වන ප්රත්විරාජ්ගේ හැකියාවන් මේ වන විට ඔහුගේ තුන්වන අධ්‍යක්ෂණය වන ලුසිෆර් 2: එම්පුරාන් චිත්‍රපටයේ රූගත කිරීම් සමඟ ඉහළැ දමමින් සිටින ප්‍රිත්විරාජ් ඒ හේතුවෙන්ම කාර්යබහුල වී ඇත.
සිය 41 වැනි උපන්දිනය පසුගියදා (16) සැමරූ ප්‍රිත්වී ඩබල් මෝහනන් චරිතයේ පෝස්ටරය පසුගියදා පළ කළේය.
ප්‍රිත්විරාජ් සුකුමාරන් 'විලයාත් බුද්ධා' චිත්‍රපටයේ ග්‍රාමීය චරිතයක් රඟ දැක්වීමට සූදානම් වන අතර එය ජයම් නම්බියාර්ගේ අධ්‍යක්ෂණයකි.
පෝස්ටරයේ නළුවා දැඩි ස්වරූපයෙන්, කටේ දැවෙන දුම්වැටියකින්, විදුලි කියත් යන්ත්‍රයක් අතේ තබාගෙන සිටී.