ජනප්‍රිය නළු ජෙහාන් අප්පුහාමි තමන් ගිය පාසල් වැඩමුළුව ගැන සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහන් තබා තිබිණි.
"බදුල්ල විහාරමහදේවි ජාතික පාසලේ කරපු නාට්‍ය හා රංග කලා වැඩමුළුව.
මේක දවස් දෙකක වැඩමුළුවක්.
මේ පළවෙනි දවස. ළමයි 106ක් මේ වැඩමුළුවට හිටියා.9, 10, 11 වසර ළමයි තමයි හිටියෙ. බදුල්ල නගරයේ සංස්කෘතික වැඩ වෙන්නේ හරි අඩුවෙන්. හොඳ වේදිකා නාට්‍යයක්, හොඳ චිත්‍රපටියක් ළමයින්ට බලන්ඩ වෙන්නේ හරිම කලාතුරකින්. මේ දේවල් කිව්වේ ළමයි විතරක් නෙවෙයි. ගුරුවරුන්, විදුහල්පතිවරුන්, කලාවට සම්බන්ධ වෙනත් පිරිස්. ඇත්තටම මමත් ඒ දේ අත්දැක්කා. මට නම් හිතෙන්නේ මීට වඩා දරුවන්ට සංස්කෘතික ජීවිතයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි වැඩ කළ යුතුයි. මොකද මේ රට මේ දරුවන්ගේ.❤️"