මම කෙරුවෙ සමුදුර වුණත් සරසි එකට කලංසූරිය පෑවුවම ඉතිං ඒ පැත්තට නොයා ඉන්න තරම් මම ඉන්ටනැෂනල් ද ? ඒක තමයි යාළුකමේ මුල.පස්සෙ ටෙලිවිෂන් රස්සාව නිසා නොපෙනී ගියත් හැමදාම ගෞරවේ එලෙසමයි.දැනට අවුරුදු දෙකකට විතර කලින් මම එෆ් බී එකේ ඔයා ගැන ලියපු එකකට එදා කෙල්ලො සහ මෙදා කෙල්ලො ඔයාට ලව් කිය කියා එකසිය ගාණට කොමෙන්ට් කෙරුව. එවෙලෙ ඒවා එකින් එක ෆෝන් එකෙන් කියමින් කෙල්ලන් ගෙ වයස් ප්රමාණද ඔයාට කියන කොට ඔයා නෝනටත් කිය කිය මහ හයියෙන් හිනා වෙච්ච බව අපේ ප්රවීණ නිවේදිකා Lanka Perera නංගි මට අදත් මතක් කෙරුව. ඒත් ඔයා අපිව සතුටු කරපු තරමට ඒක හොඳට ම මඳි බව දන්නව.
සක්විති සුවය ෆිල්ම් එකේ නැතුවම බැරි ටැක්සි සින්දුවට ඔයා දාන ඩාන්ස් එක.
අපේක්ෂා එකේ රන්ජන් මෙන්ඩිස්ට කෙලල අරින්න ගලක් උස්සල ගන්න එක.
ඒ සීන් දෙක විතරක් ඇති ඔයාට ඔස්කා ගහන්න.මට හිතෙන්නෙ නම් කෙල්ලන්ගෙ තොල හැපුණ ඇට්ටරයෙක් සහ ඇක්ටරයෙක් එකපාර ආයෙ ලංකාවෙ නම් ලොවෙත් නෑ.
ඔයාගෙ චිත්රපටි බල බල හිටියට ඔයාව බලන්න එන්න බැරිවෙච්ච දුක දැන් මගේ ඉතිරි ටිකටත් අරන් යන්න පුළුවන් .
අයියේ රිදී තිරේ කලංකාර කෙරුවාට බොහොම ස්තුතියි ...
භාරතී වීරසිංහයන් තැබූ සටහනකි.