ප්‍රවීණ සාහිත්‍යවේදිනී සුමිත්‍රා රාහුබද්ධ විසින් රචිත 'කන්දක් සේමා' නව කතාව ඇසුරෙන් අශෝක අතාවුදහෙට්ටි නිර්මාණය කළ 'කන්දක් සේමා' චිත්‍රපටය නොවැම්බර් 2 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලාවල ප්‍රදර්ශණය කිරීමට නියමිතය.
'කන්දක් සේමා' 2010 වසරේදී රාජ්‍ය සාහිත්‍ය ඇතුළු ස්වර්ණපුස්තක, ගොඩගේ සම්මානය සහ විද්‍යෝදය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ නවකතාවකි.
ජපානයේ සහ ශ්‍රී ලංකාවේදී රූගත කරන ලද කන්දක්සේමා චිත්රපටයෙහි නිරෝෂා පෙරේරා, බිමල් ජයකොඩි, අයාකෝ කොබයාශි, ජුන් එතොහ් ඇතුළු ජපාන සහ දේශීය රංගන ශිල්පී ශිල්පිනියෝ බොහොමයක් මෙහි රංගනයෙන් දායක වෙති. මෙහි තිර රචනය රාජකරුණානායක වේ. කැමරාකරණය රුවන් කොස්තාය. සංස්කරණය අජිත් රාමනායකය. සංගීතය සුරේෂ් මාලියද්දගෙනි. ජයන්ත හෙට්ටිආරච්චි, ආශු මාරසිංහ , සමන්මලී පද්මකුමාර සහ සුමිත්‍රා රාහුබද්ද සම නිෂ්පාදනයට දායක වී ඇත.