lan englan tam

පුවත්

බිලිඳෙකු මවැනි පැසසුම් ලැබුම විළියකී - කරුණාරත්න අමරසිංහයන් විසිනි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
කරුණාරත්න අමරසිංහයන් විසිනි
 
මා වැනි බිලින්දා
පඬි⁣ඳෙකු දුලබ පිදුමන් ලැබුම
එළියකී
කිවි⁣ඳෙකු දුලබ ඇගයුම් ලැබුම
එළියකී
විරුවෙකු දුලබ බුහුමන් ලැබුම
එළියකී
බිලිඳෙකු මවැනි පැසසුම් ලැබුම
විළියකී
වතුර නැති කලට ඔරුවද
අසරණය
බඹරු නැති කලට කුසුමද
අසරණය
තරු එළි නැති කලට අහසද
අසරණය
රසිකයො නැති කලට හදවත
අසරණය
ඔබ හද මහද එක හද කළෙ
මව්බසය
එහි අම පලය ඔබගෙන් ලද සෙනෙහසය
අප ළබැඳියන් කළ ඒ සාහිත
රසය
පළමුව දුන් මගේ මව්බස
අසදිසය
දිවි හිම් තෙක්ම මව්බිම
වාසනාවන්
දිවි හිම් තෙක්ම මව්බස
වාසනාවන්
දිවි හිම් තෙක්ම ගුරුවරු
වාසනාවන්
දිවි හිම් තෙක්ම රසිකයො
වාසනාවන්
මා මුල් සුසුම ගත් දින අමතක
නොකර
ආසිරි දියෙන් ගිම් නිවමින දිවි
කතර
ඔබ නොමසුරුව පුද කළ සෙනෙහස විතර
වෙන සම්පතක් වෙද මට සිහි වන
නිතර

kemadasa

shungara

Back to top
Go to bottom