ඉන්දියාවේ දුර්ගා පූජාව සහ නවරාත්‍රී උත්සවය සාමාන්‍ය ජන සමාජය මෙන්ම එක්තරා ඉහළ සමාජ ස්ථරයක් වන ඉන්දීය කලාකරුවන් අතරද අමතක නොවන දිනයකි. රඟපෑම්, විදේශගතවීම්, අලුත් නිර්මාණ එළිදැක්වීම් යනාදී කුමන කටයුත්තක කාර්යබහුල වුවත් මෙවැනි සංස්කෘතික අංග තවමත් එලෙසින්ම පවත්වාගෙන යෑමට ඉන්දියානුවන්ගේ ඇති කැමැත්ත ඇතැම් විට ඉතා අපූරු එකකි. එම උත්සවවලදී හොඳම ඇඳුම් ඇඳීම, මිතුරන් සහ පවුලේ අය සමඟ පෙනී සිටීම සහ සාම්ප්‍රදායික රසවත් ආහාර අනුභව කිරීමද එහෙයින්ම දිගින් දිගටම අනුගමනය කෙරේ.
දුර්ගා පූජා සහ නවරාත්‍රි උත්සවවල අටවන දිනය වන ඊයේ (22)ද බොලිවුඩයේ ප්‍රසිද්ධ පුද්ගලයින් දේව ආශිර්වාද පතා කොවිල් හා පූජනීය ස්ථානවල වතාවත් සඳහා සහභාගි වී සිටියේ සිය සාම්ප්‍රදායික ඇඳුම්වලින් සැරසීගෙනය.
බොලිවුඩ් නිළි බිපාෂා බාසු ද මෙම අවස්ථාවට සිත් ආකර්ෂණීය සාරියකින් සැරසී සිය දියණිය දේවි බාසු සිං ග්‍රෝවර් සහ සැමියා කරන් සිං ග්‍රෝවර් සමඟ එසේ පූජා තොරණක් නැරඹීමට ගොස් සිටියාය.
දුර්ගා අෂ්ටමි දිනය හේතුවෙන් උදෑසන සිට මිනිසුන් දුර්ගා දේවතාවියට කන්නලව් කිරීම, තොරන් බැලීම, රසවත් ආහාර රස විඳීමට සහභාගි වන්නා සේම බිපාශාගේ පවුලද එසේ එම උත්සව දිනයට සහභාගි වී තිබිණි.
කොළ පැහැති සාරියකින් සැරසී, රෝස පැහැති බ්ලවුසයක් ඇඳ කොණ්ඩය බැඳ ලස්සන සුදු මල්වලින් ඔතාගෙන, සුළු රූපලාවන්‍යා භාවිතයකින් සිටින බිපාෂා ඉතා සුන්දරව පෙනෙයි.
බිපාශා බාසු මෙන්ම ජයා බච්චන්, කාජල්, තනුජා සහ ටනීෂා මුඛර්ජි යන නිළියන්ද කියාරා අද්වානි සහ සිද්ධාර්ත් මල්හෝත්‍රාද මෙසේ දුර්ගා පූජාවට සහභාගි වී සිටියහ.