දුරන්ගා වෙබ් කතා මාලාවේ 2 වැනි අදියර ඔක්තෝබර් 24 වැනිදා සිට ප්‍රදර්ශනයට පිවිසීමෙන් පසුව අන්තර්ජාලය කැළඹීමකට ලක් කර ඇති බව පෙනෙන්නට තිබේ. එනම්, සමාජ මාධ්‍ය ජාලවල එය බෙහෙවින් සාර්ථක රසික ප්‍රතිචාර ලබමින් පවතී.
අමිත් සාද්, ගුල්ශාන් දෙවයියා, ද්රාශ්ටිගේ රංගනයන් බෙහෙවින් ඇගයුමට ලක් වී තිබෙන අතර දුරන්ගා 2 එහි පළමු කතා මාලාවද ජන ප්‍රසාදය ඇති කළ එකකි.
ත්‍රාසජනක කතා මාලාවක් වන මෙය පළමු කොටසේ නළු නිළියන්ම දෙවන කොටසටද සම්බන්ධ වී ඇත.
සම්මිත් පටෙල් නම් චරිතය වටා කේන්ද්‍රගත වී ඇති කතාව තුළ සම්මිත්ගේ අතීතය පිළිබඳව තේමා වී තිබේ. මෙය ෆ්ලවර්ස් ඔෆ් එවිල් කෝඉයානු කතා මාලාවේ ඉන්දීය අනුවර්තනයකි.