ඇමරිකානු සිනමාව තුළ වඩාත්ම ආදරණීය සහ පිළිගත් නළුවෙකු වන බෲස් විලිස් සන්නිවේදනය කිරීමේ හැකියාව අතින් බෙහෙවින් පිරීහී තිබේ. ඒ 2022දී ඇෆේසියා නම් සන්නිවේදනය සහ කතාබහ කිරීමට අපහසුතා ඇති කරන රෝගයට ගොදුරු වීම වේ.
බෲස් විලිස් තරුවක් බවට පත් කළ "මූන්ලයිටින්" කතා මාලාවේ නිෂ්පාදක වන ග්ලෙන් ගෝර්ඩන් කැරන් නිව්යෝර්ක් පෝස්ට් වෙත ප්‍රකාශයක් ලබා දෙමින් මේ පිළිබඳව මේ ගැන පවසා ඇත්තේ මෙසේය.
"ඔහුට සම්පූර්ණයෙන්ම කතා කළ නොහකියි; ඔහු කියවීමට ඉතා රුචි අයෙක්. නමුත්, ඔහුට දැන් එම හැකියාවද නැත. ඔහුගේ භාෂා කුසලතා සියල්ලක්ම නැවතී තිබෙනවා. මම ඔහුගේ ජීවිතයේ රැඳී සිටීමට බොහෝ උත්සාහ කළා. ඔහු ඉතාම විශිෂ්ට පුද්ගලයෙක්. මනස අවුල් කරන හේතුවක් වී ඇති ඔහුගේ රෝගය ඔබ කවදා හෝ බෲස් විලිස් සමඟ කාලය ගත කර ඇත්නම්, ඔහුට වඩා ජෝයි ඩි විව්රේ (සතුටුකාමී පුද්ගලයින් වෙනුවෙන් යොදන ප්‍රංශ යෙදුමක්) කෙනෙක් නැති බව වැටහෙයි. ඔහු ජීවිතයට ආදරය කළ අයෙක්. සෑම උදෑසනකම අවදි වී ජීවිතය උපරිමයෙන් ගත කිරීමට උත්සාහ කිරීම ප්‍රිය කළ අයෙක්.
ජර්මනියේ උපත ලද බෲස් විලිස් ඇමරිකානු නළුවා 80 දශකයේ රූපවාහිනියෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අයෙකි. පුළුල් තිරය වෙත ඔහු කළ පිම්ම විකට, නාට්‍ය, ක්‍රියාදාම යන සිය සියලු අංශවල කැපී පෙනෙන්නක් විය. ඔහු කළ භූමිකා අතර 'ඩයි හාර්ඩ්' හි ජෝන් මැක්ලේන් ඉතා සිත්ගන්නාසුළු වූ අතර 'ද සික්ස්ත් සෙන්ස්', 'ටුවෙල්ව් මන්කීස්' සහ 'පල්ප් ෆික්ශන්' ඇතුළු චිත්‍රපට 70කට වැඩි ගණනක ඔහු රඟපා ඇත.
මේ වන විට 2022 නොවැම්බර් සහ 2023 ජනවාරියේද ඔහු චිත්‍රපට දෙකක් රඟපා ඇත.