මධ්‍යම කෙරළයේ එර්නාකුලම් උතුර පොලිස් ස්ථානයේ කලබල ඇති කළ බවට චෝදනාවක් හේතුවෙන් 'ජේලර්' දෙමළ චිත්‍රපටයේ රඟපෑ නළු විනායකන් අත්අඩංගුවට ගෙන තිබේ.
කීර්තිමත් මලයාලම් නළුවකු වන විනායකන් ඔහුගේ විශිෂ්ට රංගනය සමඟ ඉන්දීය දකුණු චිත්‍රපට කර්මාන්තයේ ඉහළ ඉල්ලුමක් ඇති දක්ෂයෙකු ලෙස ස්ථාවර වූ අයෙකු විය.
එර්නාකුලම් උතුර පොලිස් ස්ථානයේ කලබල ඇති කිරීම සහ බීමතින් නිලධාරීන්ට වාචිකව බැණ වැදීම සම්බන්ධයෙන් විනායකන් පෙරේදා (24) කේරළ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
විනායකන්ගේ අසල්වැසියන් මහල් නිවාසයේ ආරවුලක් ඇති කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනු කළ පැමිණිල්ලකට අනුව නළුවා කැඳවූ අවස්ථාවේ මෙම කලබලය සිදු වූ බව කියවේ.