අරුණ ගුණරත්න තැබූ ෆේස්බුක් සටහනකි.
දේශිය සිනමා ඉතිහාසයේ නොමැකෙන නමක් තිබූ තැනැත්තියක් නිහඬවම අවසන් ගමන් ගියාය. ඇය මිය ගිය පුවත වාර්තාවනුයේත් අවසන් කටයුතු වලින් දින කිහිපයකට පසුවය. කවර හෝ හේතවකින් හෝ එම මරණය වාර්තාවීම පවා වලක්වා තිබිණ. ඇය ක්ලැරිස් ද සිල්වාය. 1932 නොවැම්බර් 06 දින බොරැල්ලේ උපන් මැටිල්ඩා ක්ලැරිස් අභාවප්‍රාප්ත වූයේ ඔක්තෝබර් 21 වැනි දින ය. ඇය සිනමාවට පිවිසෙනුයේ උමතු විශ්වාසය චිත්‍රපටයේ රීටා ගේ චරිතය රඟපෑමෙනි. මාතලන් චිත්‍රපටයේ චිත්‍රවල්ලි ලෙස ඇය රඟපෑ චරිතය ලාංකික සිනමාවේ අතිශය ජනප්‍රිය සිනමා චරිතයන්ගෙන් එකක් විය. නිළියක හා ගායිකාවක ලෙස ද ක්ලැරිස් පතල ව උන්නාය. අල්ලුපු ගෙදර, වීර විජය. පුදුම ලේලි, අහංකාර් සත්‍රි, රම්‍යලතා, පුරුෂ රත්නය, සුන්දර බිරිද,කොහොමද වැඩේ. ආත්ම පූජා වැනි චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ ඇය අවසන්වරට රඟපෑවේ මමයි රජා චිත්‍රපටයේ ය. පුරුෂ රත්නය, ලන්ඩන් හාමු සහ සුහද දිවි පිදුම යන චිත්‍රපට සඳහා ක්ලැරිස් රංගනයට අමතරව ගායනයෙන් ද දායක වූ චිත්‍රපට කිහිපයයි. දෙබස් කැවූ වීර වික්‍රම චිත්‍රපටයට ඇය දෙබස් කථනයෙන් හා ගායනයෙන් දායක ව තිබිණ. ක්ලැරිස් ද සිල්වා සිය රංගන කර්තව්‍ය වෙනුවෙන් සරසවිය රණ තිසර සම්මානයෙන් ද පිදුම් ලද්දාය. අනුරාධපුර ක්න්යාරාමයෙන් හා නාවලපිටිය ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් පාසල් අධ්‍යාපනය හැදෑරු ඇය මෙරට ජීවත් වූ ජ්‍යේෂ්ඨතම නිළිය වූවාය. අවිවාහක ක්ලැරිස් පසුකලෙක මාධ්‍ය හා සම්බන්ධවීමට ද අකමැත්ත පළ කළාය.