කලාභූෂණ සම්මානලාභී, ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් සිරිවර්ධන මහතා අවුරුදු 82ක ආයු කාලය අවසන් කරමින් අද (28) දහවල් සිය ජීවන ගමන අවසන් කළේය.
ගායකයෙකු, සංගීත අධ්‍යක්ෂවරයෙකු සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකුද වන සුනිල් සිරිවර්ධන මහතාගේ අවසන් කටයුතු ඔහුගේ අවසන් කැමැත්ත පරිදි මියගොස් පැය පහක් තුළදී පවුලේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් අද සවස සිදු කර තිබේ.
සුනිල් සිරිවර්ධන මහතාගේ බාල සොහොයුරිය වන විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන සම්ග ගායනා කළ රණ්ඩු වේවි යාළු වෙවී, කොවුලා අමතනු, මුහුද හඬන වෙලාවේ වැනි ගී ඉතා ජනප්‍රිය ගීත වේ. සිය වැඩිමහල් පුතණුවන් වන මධුමාධව අරවින්දගේ ජනප්‍රිය ගීතයක් වන ලඹ සවන් රන්පටින් සංගීත නිර්මාතෘද ඔහු වේ.
මීට වසර කිහිපයකට පෙර සුනිල් සිරිවර්ධන මහතා සහභාගි වූ රූපවාහිනී වැඩසටහනක ගායනයක් මේ සමග පළ කෙරේ.