කලාභූෂණ සම්මානලාභී, ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් සිරිවර්ධන මහතා අවුරුදු 82ක ආයු කාලය අවසන් කරමින් ඊයේ (28) දින සිය ජීවන ගමන අවසන් කළේ සිය අවසන් කැමැත්ත හරහා වත්මන් සමාජයට ජීවිතය සම්බන්ධයෙන් වැදගත් පාඩමක් කියා දෙමිනි.
මීට වසර 06කට පමණ උඩදී නීතිඥවරයෙකු ඉදිරියේ අත්සන් කොට තබා ලියා ඇති අවසන් කැමැත්තට අනුව තමන් මිය ගිය දිනක මාධ්‍යයට හෝ ප්‍රසිද්ධියේ වාර්තා නොකොට පවුලේ සමීපතමයින්ට දැනුම් දී වරුවක් තුළ අවසන් කටයුතු සිදු කරන ලෙස කියමින් හෙතෙම තවත් කරුණු කිහිපයක් එහි සඳහන් කර ඇත.
වෛදයවරයකු ලවා සිය මරණය සහතික කර ගැනීමේ පටන් සිය කැමැත්ත කරුණු 10කින් කියා අවසන් කොට ඇති සිරිවර්ධන මහතා එහිදී දින 03, දින 07, තුන් මාසය යන දානය ඩීමද එපා කියමින් විශේෂයෙන් සඳහන් කර ඇත්තේ 'මළකුණක් වැළලුවා පමණි යන්නයි'
ජනප්‍රිය ඡායාරූප ශිල්පී, ඡායාරූප ශිල්පී දයාන් විතාරණ මෙම ලිපිය සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ අතර ලිපිය එතනින් උපුටා ගැනිණි.
ජීවන යථාර්ථය වටහාගත් උතුම් කලාකරුවෙකු සුනිල් සිරිවර්ධන මහතා වෙනුවෙන් 'මිරර් ආට්ස්' ශෝකය පළ කරමු.