සරසවිය පුවත්පතේ හිටපු කර්තෘ අරුණ ගුණරත්න මහතාගේ නිල යූටියුබ් නාලිකාවෙන් පසුගියදා නිහඬවම සමුගත් ප්‍රවීණ සිනමා ශිල්පිනී ක්ලැරිස් ද සිල්වා ගැන විමසුමක් කරනු ලබයි.
එම වීඩියෝව මේ සමග පළ කරන අතර එහි පැහැදිලිකිරීමේ අරුණ ගුණරත්න මහතා මෙසේ පවසයි.
මෙරට සිනමාවේ මුල් දශකයේ බිහි වූ අද ඉතිරිව ඇති ස්වල්පයක් වූ සිනමා තාරකාවන් අතරින් වඩාත් ජ්‍යෙෂ්ටතම නිළිය පසුගිය දා කාටත් හොරෙන් අවසන් ගමන් ගොස් තිබුණාය. ඇය ක්ලැරිස් ද සිල්වාය. මාතලන් චිත්‍රපටයේ චිත්‍රවල්ලි ලෙස කළ ඇයගේ රංගනය එදා මෙදා කාලයේ ඉතාම ජනප්‍රිය වූ රංගනයක් බැව් අමුතුවෙන් කිවයුතු නැත. අල්ලපු ගෙදර චිත්‍රපටයේ සේපාලිකා ද කොහොමද වැඩේ චිත්‍රපටයේ ජොසී ද ඇයගේ සිනමා දිවියේ නොමැකෙන රංගනයන් අතර ඇත. ආත්ම පූජා චිත්‍රපටයේ රාජ කුමාරිය ද වූයේ ඇයයි.දේව්දාස් පාදක කරගෙන තැනුණු රම්‍යලතා චිත්‍රපටයේ චන්ද්‍රමුඛී හෙවත් රම්‍යලතා වූයේ ද ඇයයි. මේ ඇය පිළිබඳ අතීතාවර්ජනයකි.