ඉන්දීය ජාතික සම්මානලාභී චරිතාංග නිළි ෂෙෆාලි ෂා පිළිබඳව ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පියෙකු පළ කළ අදහසක් පිළිබඳව බරපතල පෙන්වා දෙමින් ප්‍රකාශයක් කර තිබේ.
එය තමන් මුහුණ දුන් බරපතල තත්ත්වයක් බව නිලිය විසින් පවසනු ලැබ තිබේ.
දශක දෙකකට වැඩි කාලයක් සිය වෘත්තීය ජීවිතය තුළ රූපවාහිනී වැඩසටහන් සහ චිත්‍රපට ගණනාවකට දායක වී ඇති ඇය දිල්ලි ක්‍රයිම්ස්, හියුමන් සහ ඩාලිංස්හි රඟපෑමෙන් බෙහෙවින් පැසසුමට ලක් වූවාය.
ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පීයෙකු ෂෙෆාලි ගැන කළ ප්‍රකාශය ඇය සිහිපත් කර ඇත්තේ "තරුවක් ඉන්නවා, අපි ඔහුගේ රූගත කිරීම කළ යුතුයි, පසුව ෂෙෆාලි වෑන් එකෙන් බහිනවා, අපි ඇයව රූගත කරන්න ඕනේ" යැයි අධ්යක්ෂවරයා කියන විට සියල්ලන්ට ඇසෙන පරිදි කැම්රා ශිල්පියා "අපි දැන් හැමෝගෙම රූගත කිරීම් දිගටම කරනවාද?" යනුවෙන් ඇසූ බවයි.
එය තමන්ට ඉතා දරුණු ලෙස හැඟුණ බව ශෙෆාලි එහිදී පවසා තිබේ.