අමිතාබ් බච්චන් යනු වයසින් කෙතරම් මුහුකුරා ගියද තරුණයෙකු තරම්ම සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී නළුවෙකි. ඔහුගේ ලේලිය වන ඓශ්වර්යා රායි පවා ඉන්ස්ටග්‍රෑම් ජාලයට එක් වන්නේ ඔහුට පසුවය. චිත්‍රපටවලින් මෙන්ම සෙල්ෆි පළ කිරීම දක්වා ඔහු අන්තර්ජාලය හරහා සිය රසිකයින්ට විනෝදාස්වාදය සපයයි.
පසුගියදා AI තාක්ෂණය ඔස්සේ සිය ඡායාරූපයක් පළ කළ අමිතාබ් එය පළ කර තිබුණේ 'AI සින්දාබාද්' (AI ජයවේවා) යනුවෙන් සඳහන් කරමිනි.
එම රූපයේ සැබෑ ජීවිතයේ පෙනුමට බෙහෙවින් සමීප වන අමිතාබ් වෙත එක් රසිකයෙකු ප්‍රතිචාර දක්වා තිබුණේ 'සර්, ඔබ ඔය විදිහටත් කඩවසම්' යනුවෙනි. මේ වාක්‍යය අනෙකුත් රසිකයින්ටද සැබෑද යන්න කිව හැකිය.